ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන පානදුර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.
ඒ සමඟ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නේවාසිකාගාරවල සිටින සිසුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ සිසුන් 50 දෙනෙකු පමණ මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවය.
මේ වනවිට ඇය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.










