කොළඹ, මැරීන් ඩ්‍රයිව්හි පිහිටි NDB පෞද්ගලික බැංකුවේ සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමූ බව එම බැංකුව නිවේදනය කර ඇත.
මේ හේතුවෙන් එම බැංකු ශාඛාවේ සේවය කරනු ලබන සේවකයාගේ සමීප ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතින් හට රජයේ නිලධාරීන්ගේ උපදෙස් මත ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදී ඇත.
මේ වන විට වසා ඇති එම බැංකු ශාඛාව හෙට දිනයේදී යළි විවෘත කිරිමට පියවර ගන්නා බවට බැංකු කළමනාකාරිත්වය දැනුම් දී සිටියි.










