• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීතල ටොරොන්ටෝවේදී රත්වුණු කොටි ඩයස්පෝරාව ඉදිරියේ සුමන්තිරන් පසුබැස්ස හැටි!

December 1, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
සීතල ටොරොන්ටෝවේදී රත්වුණු කොටි ඩයස්පෝරාව ඉදිරියේ සුමන්තිරන් පසුබැස්ස හැටි!
Share on WhatsAppShare on Facebook

‘කලකදී ‘වහ’ කලකදි ‘රහ’ වෙනවාලු’ අපගේ සිංහල ජනවහරේ එන නිසි, සැබෑ ප්‍රස්ථාව පිරුළ එසේ වෙයි. එහෙත් මෙතැනදී වන්නේ එය කණපිට හැරීමකි. එනම් එය ‘කලකදී ‘රහ’ කලකදී ‘වහ’ වෙනවලු’ ලෙසට උඩු යටිකුරු වෙයි. එනම් කලකදී ආශාවෙන් තමන් ළඟාකර ගත් දේ තවත් කලකදී තමන්ටම එපා වී යන ආකාරය එයින් කියැවෙයි. අපගේ ජනවහරේ එන මේ කතාව අද ඔබට ලියා තබන්නට හේතු වූයේ ඇයි? මෙයට දින කිහිපයකට පෙර මෙම කතාව අසන්නට ලැබුණේ
එතෙර දේශයකිනි.

එය ශ්‍රී ලංකාවටද අදාළ කතාවක් වුවත්, ඒ ගැන අපට අසන්නට ලැබෙන්නේ කැනඩාවෙනි. මෙය එක්තරා අතකින් මහා ගාලගෝට්ටියක කතාවකි. තවත් අයුරකින් කැනඩාවේ ‘ගහමරා’ ගැනිල්ලකි. එකෙකු, දෙන්නෙකු ඇනකොටාගෙන නොගෙන බේරුණේ අනූනවයෙනි. එනම් මෙම ආන්දෝලනාත්මක වගතුග ඇසෙන්නේ කැනඩාවේ ටොරොන්ටා් නගරයෙනි.

Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක Join වෙන්න…
https://chat.whatsapp.com/GhA7xXKxK7LGWo3bKB28iQWhatsApp

‘නමුත් දමිළ ජනතාවගේ නායකයෙක් නෙවෙයි, ද්‍රෝහියෙක්. අපිට තමුන්ගේ දේශනවලින් වැඩක් නැහැ වහාම මෙතැනින් පිටත්වෙලා යනවා. සිංහල ජනයාත් එක්ක එකතු වෙලා දමිළ ජනතාව පාවා දෙන ‘සිංහල දේශප්‍රේමියෙක්’ තමයි සුමන්තිරන් කියන්නේ. අපිට එය කිසිම දේශපාලන විසඳුමක් අවශ්‍ය නැහැ. අපිට ඕනෑ වෙනම දමිළ රාජ්‍යයක් පමණයි. දෙමළ ද්‍රෝහියා, දෙමළ ද්‍රෝහියා, වහාම මෙතැනින් පිටත්වෙලා යනවා.’

මේ උද්වේගකර වදන් පිටවන්නට ගත්තේ එහි සිටි එකෙකුගේ, දෙකෙකුගේ මුවින් පමණක් නොවේ. සිය ගණනක දමිළ ජනතාවකගෙන් මේ මහා ගාලගෝට්ටිය ඇසෙන්නට විය. පසුගිය සෙනසුරාදා කැනඩාවේ, ටොරොන්ටෝ නගරයේ ශාලාවක් ලකලැහැස්ති කර තිබුණේ එක්තරා උත්සවයක් ජයටම පැවැත්වීම සඳහාය. එනම් මෙය යම් ප්‍රකට පුද්ගලයකු විසින් සිදු කරනු ලබන දේශනයකි. ඔහු මේ ශ්‍රී ලංකාවේ දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ය. මේ සඳහා සුමන්තිරන් සමග තවත් දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ශනක්යාන් රාසමානික්කම්ද මෙයට දින කිහිපයකට ඉහතදී කැනඩාව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවට බලය බෙදාහරින දේශපාලන විසඳුමක් සඳහා ගෙන යන නව රාජ්‍යතාන්ත්‍රික ප්‍රයන්තනයක් පිළිබඳව, කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාවේ පිරිස් දැනුවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ සංවිධානය කර තිබිණි. මෙහිදී දමිළ මන්ත්‍රිවරුන් දෙදෙනා දේශන දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර, ඉන් ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාටය. සියල්ල නිසි අයුරින් සංවිධානය කර තිබිණි.

ශාලාවේ ප්‍රධාන මේසයෙහි කථිකයන් අසුන් ගෙන තිබුණේ තම දේශන පැවැත්වීමට ලකලැහැස්තිවය. ඒ අතරම ශාලාවේ අනෙකුත් ඉදිරිපස අසුන්වලද පිරිස වාඩිගෙන සිටියේය. කිසිදු කලබලයක සේයාවක් පෙනෙන්නට නොවීය. එහෙත් ප්‍රධාන ශාලාවෙන් පිටත යම් පිරිසක් රැස්වී සිටින අයුරුත්, ඔවුන්ගේ අත්වල යම් විරෝධතා පාඨ සටහන් පුවරු ඇති බවක්ද පෙනෙන්නට විය. එසේම මෙම පිරිස සටන් පාඨ කියමින්ද විරෝධතාවයක් ප්‍රකාශ කරන අයුරු දක්නට හැකි විය. ශාලාව තුළ ප්‍රධාන කථිකයන් හඳුන්වා දීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් තමන්ගේ කතාව ඇරැඹුවේය. එම කතාව ගලාගෙන යන අතරතුරදී එළියේ සිටි පිරිසද නිකම් සිටියේ නැත. ඔවුන් තව තවත් කෑගසන්නට විය. ඒ අතරම ඔවුන් ටිකෙන් ටික ශාලාව දෙසටද පියමනින්නට විය. රාසමානික්කම්ගේ කතාව අවසාන වීමෙන් පසුව ඊළඟට නියමිතව තිබුණේ ප්‍රධාන කථිකයා වූ සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ කතාවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සභාවෙන් අවසර ගෙන තම කතාව ආරම්භ කළේය. ඔහු විනාඩි දෙක, තුනක් පමණ කතාව සිදුකළේය. සිදු වන්නට වූයේ මහා ගාලගෝට්ටියකි. එළියේ සිටි පිරිස ශාලාව තුළට පැමිණ ඔහුගේ කතාවට බාධා කරන්නට ගත්තේය. ශාලාව ඇතුළත අසුන්ගෙන සිටි සමහර පිරිස්ද මෙම පිරිසට එකතු වුණේය. ශාලාව එකම ඝෝෂාවක් බවට පත්වුණේය. සුමන්තිරන්ට තම කතාව සිදුකිරීමට අවස්ථාව ලැබුණේ නැත. පිරිස කෑකෝ ගැසීම්වලට අමතරව මන්ත්‍රිවරුන්ට තර්ජනය කිරීම්ද සිදුකළේය. ඒ නිසාම වහා සංවිධායකයන් කැනේඩියානු පොලිසිය එතැනට ගෙන්වීමට වහා කටයුතු කළේය. රථවාහන දෙකකින් එතැනට පොලිස් නිලධාරීන් පැමිණියේය. ශාලාව ඇතුළට පැමිණි උද්ඝෝෂකයන් සුමන්තිරන්ගේ කතාව පැවැත්වීමට ඉඩ දුන්නේම නැත. විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් සුමන්තිරන් කතාව නවතා දැමුවේය. එතැනින්ද අරගලය අවසන් වූයේ නැත. උද්ඝෝෂකයන් වහා තර්ජනය කළේ මන්ත්‍රිවරුන් දෙදෙනාට ශාලාවෙන් පිටව යන ලෙසය.

මෙසේ බලහත්කාරයෙන් ශාලාවට කඩාගෙන වැදී තර්ජනය කිරීම් සිදුකළ මෙම පිරිස කවුද? මොවුන් සියල්ලන්ම ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාවට අයත් කැනඩාවේ වෙසෙන දමිළ ජාතිකයන්ය. සිය ගණනක් වූ මෙම පිරිස හසුරුවා ගැනීමට මේ වන විට කැනේඩියානු පොලිස් නිලධාරීන් රැසක්ද එහි පැමිණ සිටියේය. මෙම අර්බුදය සමථයකට පත්කර ගන්නා ලෙස පොලිසිය උද්ඝෝෂකයන්ගෙන් බොහෝ කාරණික අයුරින් ඉල්ලා සිටියේය. එහෙත් එම තත්ත්වය ගඟට කැපූ ඉනි මෙන් විය. උද්ඝෝෂකයන් පොලිස් නිලධාරීන්ට අවනත වූයේම නැත. අවසානයේදී විනාඩි කිහිපයකින් තම කතාව නතර කළ සුමන්තිරන් සහ රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනා, පොලිසියේ මැදිහත් වීමෙන් ශාලාවෙන් ආරක්‍ෂාව මධ්‍යයේ එළියට පිටව ගියේය. දමිළ උද්ඝෝෂකයන් සටන ජය ගත්තේය. ඉන් අනතුරුවද ශාලාව ඇතුළත සහ පිටත රැඳී සිටි උද්ඝෝෂකයන් ක්‍රම, ක්‍රමයෙන් විසිර යන්නට විය.

දමිළ පිරිස් අතරම මෙවැන්නක් උද්ගතවීමට හේතුව කුමක්ද?

ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවත්, විදේශයන්හි සිටින දමිළ ඩයස්පෝරාවට අයත් දමිළ ජනතාවත්, පසුගිය කාලයක් පුරා මෙවැනි ප්‍රබල විරෝධතා මෙම දමිළ දේශාපාල කයන්ට එරෙහිව එල්ල කළේ නැත. එහෙත් මෑතකදී සිටි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රී වරයාට ප්‍රබල විරෝධයක් දමිළ ජනයාගෙන් එල්ල වෙයි. මෙය දිවයිනේ දමිළ ජනතාවට බලය බෙදා හරින දේශපාලනික විසඳුමක් සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක් ලෙස අර්ථ දැක්වීම මෙහිදී සිදුකෙරී තිබිණි. එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා කැනඩාවේ වෙසෙන දමිළ ප්‍රජාව දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරිණි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාවලිය ප්‍රතික්‍ෂේප කරමින් මෙම උද්ඝෝෂකයන් දැඩි උද්ඝෝෂණයක් සිදුකළේය. ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ මෙවැනි විකල්පයක් අනවශ්‍ය බවත්, දමිළ ජනතාවට වෙනම රාජ්‍යයක් පමණක් අවශ්‍ය බවත්ය. එනම් වෙනත් විසඳුම්වලට මේ පිරිස එරෙහි වන බැව්ද දැඩිව ප්‍රකාශ විය.

කැනඩාවේ දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් සංවිධානය කරන ලද ප්‍රසිද්ධ රැස්වීමක කතාකිරීමට සුමන්තිරන්ට සහ රාසමානික්කම්ට ඔවුන් ආරාධනා කර තිබිණි. සුමන්තිරන් මන්ත්‍රිවරයා එම උත්සවයට සහභාගි වී කතා කිරීමට පටන් ගන්නවාත් සමගම ඊට සහභාගි වූ පිරිසෙන් සමහරක් ඔහුට විරුද්ධව හඬ නඟා ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලා සිටියහ. සුමන්තිරන් සිය කතාව අවසන් කළ පසු සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන බවට එහි සංවිධායකයෝ සහතික වූහ. කෙසේ වෙතත් වෙනම දෙමළ ඊළාම් රාජ්‍යයක් සඳහා බලකිරීමට සුමන්තිරන් අපොහොසත් වීම සම්බන්ධයෙන් සුමන්තිරන් ‘ද්‍රෝහියකු’ ලෙස හඳුන්වමින් එම ස්ථානයේ සිටි කොටි ආධාරකරුවන් පිරිසක් එල්.ටී.ටී.ඊ. ධජය වනමින් ගොඩනැඟිල්ලට කඩාවැදී විරෝධය පළ කිරීමට පටන් ගත්හ. තත්ත්වය ඉතා නොසන්සුන් වූ අතර, මැර පිරිස වේදිකාවට සමීප වීමත් සමගම, කැනේඩියානු පොලිසිය පරිශ්‍රයට ඇතුළු වී වේදිකාව වටා මිනිස් බාධකයක් තැබීය. විරෝධතාකරුවන්ට ශිෂ්ට සම්පන්න ලෙස කටයුතු කරන ලෙස පොලිසිය උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රශ්නය ගැන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගියදා සුමන්තිරන් ප්‍රධාන නියෝජිත පිරිසක් ඇමෙරිකාවට ගොස් ඇත. ඉන්පසුව එම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් සිට මෙසේ කැනඩාවට පැමිණ ඇත. දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් සඳහා බල නොකරන නමුත්, වාර්ගික ප්‍රශ්නයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කරන ස්ථාවරය මෙහිදී ප්‍රකාශ වී ඇත. මෙම දමිළ මන්ත්‍රීවරුන් දෙදෙනාම එක්සත් ශ්‍රී ලංකාවක් තුළ විශ්වසනීය බලය බෙදා ගැනීමේ විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින දමිළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) ‘මධ්‍යස්ථ’ ක්‍රියාවලියක් නියෝජනය කරයි. ‘ටී.එන්.ඒ.‘ නියෝජිත පිරිස පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ගෝලීය අපරාධ යුක්තිය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන්ද හමුවිය. මෙහිදී පසුව එම නිලධාරීන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ‘සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සුළුතර කණ්ඩායම්වල ඉදිරි දර්ශන සහ උත්සුකයන්ට සවන් දිය යුතු බැව්ය.’

කැනේඩියානු දමිළ ඩයස්පෝරාව යනු ලෝකයේ ඇති විශාලතම ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාව වෙයි. එහි සාමාජිකත්වය 1,70,000ක් වෙතැයි පැවසෙයි. 2021 මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට එරෙහිව, එනම් යම් යෝජනාවකට පක්‍ෂව ඡන්දය භාවිත කළේය. එනම් පසුගිය 2021 මැයි 06 වැනිදා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී අපූරු සිදුවීමක් වී ඇත. එනම් ඔන්ටාරියෝ ප්‍රාන්ත සභාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව යම් ප්‍රබල යෝජනාවක් සම්මත කර ගත්තේය. මෙහිදී සිදු කෙරුණේ ‘අංක 104 දරන නීති කෙටුම්පත මගින්, ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන දමිළ ජනසංහාර ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන සතියක් ප්‍රකාශයට පත්කිරීමේ පනත’ යන්න එය විය. එනම් මෙය සෑම වසරක් පාසාම කැනඩාව තුළ සිදුකෙරෙන වැඩසටහනකි. මෙම පනත සම්මත කර ඇත්තේ කැනේඩියානු රජය විසිනි. මේ ආකාරයට අප සිතනවාට වඩා කැනඩාවේ දමිළ ඩයස්පෝරාව ඉතාමත් ප්‍රබලය. ‘කලකදී රහ කලකදී වහ වුණේ’ ඒ ආකාරයටය. සුමන්තිරන් මන්ත්‍රිවරයාට වූයේ ඒ ටිකය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පවිත්‍රා මාධ්‍ය එක්කත් තරහ වෙලාද කොහෙද? (VIDEO)

Next Post

තිරුපති යට කරන් ගිය මහා ජල කඳ ලෝකයම යට කරගෙන යයිද?

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.