සිරුරේ පච්ච කොටා ඇතැයි කියමින් යාපනයේ පාසලක සිසුන් හැත්තෑ දෙනකු නිරුවත් කර හිංසනයට ලක් කළැයි කියන ගුරුවරුන් පිරිසකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ලැබී ඇත.
යාපනය වලිකාමම් අධ්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 11 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසකගේ දෙමාපියන් යාපනය මානව හිමිකම් කාර්යාලය වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ ඉකුත් 11 වැනිදාය.
මෙකී පැමිණිල්ලට අදාළව කඩිනම් විමර්ශනයක් කර කරුණු ඉදිරිපත් කරන ලෙසට මානව හිමිකම් කාර්යාලයේ නිලධාරීන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලිඛිත නියෝගයක්ද කර තිබේ.
උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයාටද මේ ගැන පැමිණිලි කර ඇත.










