• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුගෙට ගිහින් නයිවල දරුවා පෙන්වපු පුදුම හිතෙන වික්‍රමය

February 17, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
කටුගෙට ගිහින් නයිවල දරුවා පෙන්වපු පුදුම හිතෙන වික්‍රමය
Share on WhatsAppShare on Facebook

වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ජීවත් වෙන සෙනුර වීරසිංහ නැමැති පුංචි දරුවා ගැන මේ වෙද්දි අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. මේ දරුවා ගැන මුලින්ම තොරතුරු එළියට ආවේ අන්තර්ජාලය හරහා. එදා ඉඳන් අද වෙනතුරුම මේ පුංචි පුතා එක වගේ ජනප්‍රියයි. ඇත්තටම තාම අවුරුදු 7ක් වයස පුංචි සෙනුර සතු දක්ෂතාව ඉතාම විශිෂ්ටයි. ඒ වගේ දරුවෙකුට ඒ තරම් දක්ෂතාවයක් තියෙනවද කියන එක ඇත්තටම පුදුමයි. මේක පෙර භවයක සිට පැවත එන දෙයක් කියලා බොහෝ දෙනා විශ්වාස කරන්නෙත් ඒ හින්දාමයි.

මේ දරුවා සම්බන්ධ වීඩියෝ රැසක් මේ වෙද්දි යූ ටියුබ් අඩවියේ දැක ගන්න පුළුවන්. මුරුත්තෙට්ටුවේ ඉන්ද්‍රරතන හිමියන් මේ දරුවා ගැන සොයා බැලූ වීඩියෝව තමයි ඒ අතරට අලුතින්ම එකතු වුණේ. නරඹන හැම දෙනාවම පුදුමයෙන් පුදුමයට පත් කරවන බොහෝ දේවල් ඒ වීඩියෝවෙත් ඇතුළත් වෙලා තියෙනවා.

එහිදී ස්වාමීන් වහන්සේ සමඟ සෙනුර ඉංග්‍රීසි භාෂාවෙන් බොහෝ දේ කතා කරන්නේ හැම දෙනාම විමතියට පත් කරවමින්.

“මං කැමැතියි ඩයිනෝසර්ලා ගැන හොයන්න. පරීක්ෂණ කරන්න. රොකට් ගැන හොයන්න. මං හැම පරීක්ෂණයක්ම කරන්න කැමැතියි රොකට් ගැන. ගස් ගැන, නොපෙනෙන මානයන් ගැන, ඩයිනෝසර් ඇට කටු ගැන තව ගල් ගුහා ගැන” ඒ සෙනුරගේ අදහස්.

“ඔයා කැමැතිද ඩයිනෝසර්ලා ගැන ඉගෙන ගන්න” යැයි ස්වාමීන් වහන්සේ විමසන පැනයට සෙනුර පිළිතුර දෙන්නේ “මං කැමැති ගල් ගුහා ගැන හොයන්න. මං අද ඒ ගැන හොයන්න ඉන්නේ. ඒකේ හූනෝ, මකුළුවෝ, කළු මකුළුවෝ, අමුතු කුරුල්ලෝ, වවුලෝ, සලමන්ඩර් වගේ සත්තු ගොඩක් ඉඳීවි.” යැයි කියලා.

එම අවස්ථාවට සහභාගි වූ කැමරා ශිල්පියා තම ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවත් සෙනුරට ලබා දෙනවා. සෙනුර හරිම ආශාවෙන් තමයි ඒක කරන්නේ. ඒක තමන්ට දැනුණු විදිය පුංචි සෙනුර විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි.

“මට දැනුණා මං කොහොමද රිමෝට් එකකින් මගේ මනස හරහා මැෂින් එකක් පාලනය කරන්නේ කියලා.”
ඔයාට ඩ්‍රෝන් එක යවන කොට පෙර භවය ගැන මොනවද මතක් වුණේ?

“මට හැමදේම මතකයි. ඇත්තටම මට හැමදේම මතකයි.” මේ සියලු දේම සෙනුර පවසන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන එකත් නැවත මතක් කළ යුතුයි.

පුංචි සෙනුර ඩයිනෝසරයන් ඇතුළු සත්වයන් ගැන දක්වන උනන්දුව හින්දා ඔහුව ජාතික කෞතුකාගාරයට ගෙනියන්නත් මේ ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායම කටයුතු කරනවා. ඇත්තටම ඒක දරුවාගේ ඉහේ මලක් පිපුණා වගේ කියලයි සෙනුරගේ තාත්තා කියන්නේ. කෞතුකාගාරයේ සත්ව ඇටකටු තැන්පත් කර ඇති කලාපයට යන සෙනුර එහිදී පෙන්වන දක්ෂතාවයත් පුදුමාකාරයි. ඩයිනෝසර් ආකෘති ඇතුළු බොහෝ දේ ගැන ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර කරන විදිය හැමෝම බලා ගෙන ඉන්නේ ඇස් උඩ තියා ගෙන කිව්වත් හරි. සෙනුර පවසන හැම දෙයක්ම බොහෝ දුරට නිවැරැදියි කියලයි එතැන නිලධාරිනිය කියන්නේ.

“මේ ලොකු සතා ඩයිනෝසර් කෙනෙක්. මං හිතන්නේ එයා මිනී කන එකෙක්. මේ ඩයිනෝසර්ලගේ කාලේ හිටපු සත්තු ජාතියක්. මං හිතන්නේ අර ඉන්නේ බෙල්ල දිග ඩයිනෝසර් කෙනෙක්. අර ඈත ඉන්නේ හරකෙක්.” ඔය වගේ බොහෝ දේවල් සෙනුර කෞතුකාගාරයේදී කතා කරනවා.

කොහොම වුණත් මීට පෙර සෙනුර සම්බන්ධයෙන් ඇති වෙලා තිබුණු මතයකුත් මේ වීඩියෝව හරහා යම් අභියෝගයකට ලක් වෙනවා. ඒ තමයි සෙනුර ඉන්දීය ගගනගාමීවරියක වන කල්පනා චව්ලාගේ නැවත ඉපදීම යැයි කියන මතය. මීට පෙර අවස්ථාවල පුංචි සෙනුර තමන්ගේ අතීතය සිහිපත් කරමින් කාන්තාරයක් සහ ගින්දර පිළිබඳව බොහෝ දේ කතා කළා. ඒ හින්දයි මේ කල්පනා චව්ලාගේ නැවත ඉපදීම විය හැකියි කියලා බොහෝ අය අනුමාන කරන්න පටන් ගත්තේ.

නමුත් ස්වාමීන් වහන්සේ සමඟ එම අවස්ථාවට සම්බන්ධ වන තරුණියක් හින්දි භාෂාවෙන් කල්පනා චව්ලා ගැන විමසන අවස්ථාවේ සෙනුර කියන්නේ තමන් එහෙම නමක් ගැන දන්නේ නැහැ කියලයි.

“ඔයා කල්පනා චව්ලා ගැන දන්නවද?

නෑ මං දන්නේ නැහැ.

එයා ගැන කතා කරන්න කැමැතිද?

මං මොකුත් කියන්නේ නැහැ.” හින්දි භාෂාවෙන් ඒ දෙබස ඇති වෙන්නේ ඒ විදියට.

මොන දේ වුණත් සෙනුර කියන්නේ ඉතාම දක්ෂ දරුවෙක්. මේක පෙර භවයක බලපෑමක්ද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒ ගැන හොයන එකත් වෙනම වැඩක්. ඒත් මේ දරුවා සතු දක්ෂතාවය ඒ හරහා නැති වෙන්න දෙන්න හොඳ නැහැ කියලයි අපි කියන්නේ.

මේක පෙර භවයකට සම්බන්ධ දෙයක් කියලා පිළිගන්නේ නැති බොහෝ දෙනෙකුත් අපේ සමාජයේ ඉන්නවා. ඒ අය කියන්නේ සෙනුර මේ දේවල් අන්තර්ජාලයෙන් ඉගෙන ගත්තා කියලා. ඒක ඇත්තක් වුණත් ඒ හරහා ඔප්පු වෙන්නෙත් සෙනුර සතු අසීමිත බුද්ධියේ තරමයි. ඒ හින්දා මේ වටිනා සම්පත අනාගතය වෙනුවෙන් හරි විදියට යොදා ගැනීම අපේ වගකීමක් වන බවත් කිව යුතුයි.

සෙනුර වීරසිංහ පුංචි දරුවා ගැන රටේ ඇති වුණු ආන්දෝලනය හින්දා මේ වෙද්දී ඔහුට ජනප්‍රිය පාසලකට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම විවිධාකාරයෙන් ඒ දරුවාට උදව් උපකාර කරන්නත් බොහෝ අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි තව දුරටත් මේ දරුවා වෙහෙසට පත් නොකොට ඔහු කැමැති දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්නත් මේ වෙලාවේ හැමෝටම යුතුකමක් තියෙනවා.

සෙනුර කියන්නේ කල්පනා චව්ලාගේ හරි වෙනත් කෙනකුගේ හරි පුනරුත්පත්තියද කියන එක සමහරවිට කවදාවත් හොයා ගන්න පුළුවන් එකක් නැහැ. ඒත් මේ වටිනා වස්තුව හරි විදියට භාවිතා කළොත් ඉදිරියේදී අපේ රටෙන් කල්පනා චව්ලා වැනි චරිතයක් බිහි කරන්න බැරි වෙන එකක් නැහැ. අතීතය ගැන හොයන එක අමාරුයි. ඒත් අනාගතයට පාර කපන එක ලේසියි. අපි සෙනුර වෙනුවෙන් ඒ පාර කපමු.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දේවානිලාග‌ේ සටන ජයගනී: ගහ බේරෙයි: පාර බෙදෙයි

Next Post

සිසුන් 70ක් පච්ච කොටාගෙන පාසල් ඇවිත්: ගුරුවරුන් ඇදුම් ගලවලා ගහලා: අම්මලා මානව හිමිකම් කොමිසමේ

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.