වෙළෙඳසැල් සහ කඩ හිමියන්ගේ එකමුතුව නම් සංවිධානයක් විසින් බදුල්ල නගරයේ වෙළෙඳසැල් වසා දමන්නැයි ඉල්ලීමක් කරමින් අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියක් වාර්තා විය.
අද (06) එම අත්පත්‍රිකා බෙදාහැර ඇත.
කෙසේවෙතත් බදුල්ල නගරයේ වෙළෙඳසැල් හිමියන් ඊට විරෝධය පළ කරමින් වෙළෙඳසැල් විවෘත කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල මහ වෙළෙඳ සංගමයේ ලේකම් ඩබිලිව් ලාල් මහතා,
“අපිට ව්‍යාපාරික ප්‍රජාව හැටියට ගැටලු ගොඩක් තියෙනවා. මේ රටේ පවතින තත්ත්වයත් එක්ක. නමුත් මාධ්‍ය සාකච්ඡා කරලා කිහිපදෙනෙක් එකතුවෙලා මේ කඩවල් වහන්න කිව්වට මේ කඩවල් වහන්න බැහැ. පටු බලවේගයක් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. කිසිම කඩයක් වහල නැහැ. සමාන්‍ය විදිහට කඩවල් ටික ඇරගෙන කරගෙන යනවා.”