• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියල්ල අතහැර වැලන්ටයින් දා සසුන්ගත වුණු ආදරවන්තයෝ

March 1, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
සියල්ල අතහැර වැලන්ටයින් දා සසුන්ගත වුණු ආදරවන්තයෝ
Share on WhatsAppShare on Facebook

අපි මේ යන්නේ සංසාර ගමනක. ඇලීම් ගැලිම්වලින් යුතු සසර ගමන කවදා කොතැනින් නිමාවේද? අපි ජී්විතය ගෙවන්නේ කරත්තේ බැන්ද ගොනා වගේ, දේවල් පසුපස හඹායනවා. මේ ජීවිතය සැහැල්ලුයි. කිසිම බරක් වගකීමක් නැහැ. ඊට පිළිතුරු සොයාගෙන ගිය ගමනක කතාවයි මේ කියන්නට යන්නේ.

හැමෝම අහලා තියෙන විඳලා තියෙන දෙයක් තමයි ආදරය කියන්නේ. විටෙක ආදරය සුන්දරයි විටෙක වේදනාකාරියි. මේ ආදරය නිසා ජීවිතයේ කොච්චරනම් අඬන්නට ඇත්ද කොච්චර කඳුළු පිරුවාද? කොට්ටය තදකරගෙන ඒ ආදරය නිසා විඳෙව්වා. ඒ ඇඬුව තරම් දන්නේ ඔබයි ඔබේ ඇස්දෙකයි විතරයි. ඔබේ වේදනාව දන්නේ ඔබයි ඔබේ හදවතයි විතරයි. පරණ දේවල් හිත හිත අඬන්නට ගත්තා, පාර තොටේ යද්දි මගේ හිත පෑරුවා. ඇස්වලට කඳුළු ගෙනාවා. හමුවුණු දේවල් කථාකරපු දේවල් හිත දෝංකාර දුන්නා. තමන් කොච්චර කැපකිරිම් කළත් ආදරය කළ කෙනා දාලා ගියා. මේ දේවල් තාවකාලික සිහින මාලිගායි. එක තත්පරයකින් මේ සියල්ල කඩා වැටෙනවා ඇත්තටම මේ ආදරය කියලා කියන්නේ මොකද්ද? සැබෑ ආදරය කියලා දෙයක් මේ ලෝකේ තියෙනවාද? මේ සියලුදේ තාවකාලිකයි මේ සියල්ල අනිත්‍යයි.

අම්මාගේ මව්කුසට ආදා පටන් මේලෝකෙට බිහිවෙලා ජීවිතය අවසාන වෙනකම්ම මේ ආදරය ලැබෙනවා විඳිනවා. ආදරය නිසා තරුණ තරුණියන් විඳවලා තියෙනවා. කවුරු කොහොම කිව්වත් කොතරම් අර්ථකථනය කළත් තරුණ තරුණියන් ආකර්ෂණය වෙන්නේ රූපෙට ඇඳුම් පැලඳුමට හිනාවට කතාබහට එහෙම නැත්නම් මිල මුදල්වලට. ආදරය කියන්නේ ඇත්තටම මොකද්ද? අපි හිතනවා ආදරය කරනවා විවාහ වෙනවා දිනයක දරුවන් හදවනවා කියලා. ඇත්තෙන්ම අයිතිකර ගැනීම අයිතිවීම කියන්නේ තාවකාලිකයි. ඒක සෑමදෙනාම පටලවාගන්නා දෙයක්. ජීවිතයේ හොර බොරු නැතුව සරලකම් මත ලබන ආදරය තමයි ඇත්තම ආදරය කියලා කියන්නේ. එක්තරා විදියකට අත්හැරීමත් ආදරයක්. බොහෝ ආදරවන්තයින් චොක්ලට් කෑල්ලක් රෝසමලක් තමන්ට දුන්නේ නැත්නම් ඒ සැබෑ ආදරයක් නොවෙයි කියලා හිතනවා. ඒක හරිම බොලඳයි. කොන්දේසි නැතිවම දෙදෙනා වෙනුවෙන් කැපවෙනවානම් ඒකත් සැබෑ ආදරයක්. ආදරය කියන්නේ එක්තරා විදියකට පරිත්‍යාගයක්.

පෙබරවාරි 14 වෙනිදා කියන්නේ පෙම්වතුන්ගේ දිනය. බොහෝ දෙනා මේ දිනය වෙනස් ආකාරයට සමරද්දි ඊට වෙනස් විදියට සමරන ආකාරයක දෙදෙනක් පිළිබඳව අපට පසුගිය ආදරවන්තයින්ගේ දිනයේදි අසන්නට ලැබුණා. ඒ වැලන්ටයින් දිනයේ පැවිදි දිවියට ගිය යුවළක් පිළිබඳව. අපි මේ යුවළ පිළිබඳව සොයා යෑමට කටයුතු කළා. මේ යුවළ පැවිදි දිවියට පත්වුණේ ගාල්ලේ අහංගම පිහිටි මෙත් බෝ සෙවණ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදි. ඒ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ දේශනාවලට සවන්දීමෙන්.

මේ පැවිදි දිවියට පත් යුවළ ජාඇළ පදිංචි යුවළක්. අවුරුදු ගණනක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වෙලා ලංකාවට පැමිණිලා තරුණ ජීවිතවලට කළ අර්ථවත් දෙයක්. අපි රටේ කොහෙවත් මේ විදියට සමරන්න නැතුව ඇති. වැලන්ටයින් දිනයේදි ඔවුන් දෙදෙනාම බුදුන් මග ගියා. ගිහි ජීවිතයේ අවුරුදු 18ක් ඒකිනෙකාගේ දුක සැප බෙදාගත්තා. අවසානයේ ඔවුන්ට වැටහුණා මේ දේවල්වල කිසිම ඵලයක් නැති බව, ප්‍රථමයෙන්ම වැලන්ටයින් මහණ දිවියට පත්වුණේ බිරිඳ වන මහේෂියි. පෙබරවාරි 14 වෙනිදා බුදුන්මගට පත්වුණේ ස්වාමිපුරුෂා වන ගිහාන්. මොවුන් දෙදෙනා විවිධ රට රාජ්‍යයන්හි සංචාරය කළා වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ අවුරුදු ගණනක් ජීවත්වුණා. ආදරයට ආදරය කළා. උපරිමයෙන්ම ඒ ගිහි සැප වින්දා. පුංචි හෝ බොරුවක් දෙදෙනාගෙන් එකකුවත් කළේ නැහැ. මේ සියලු සැපසම්පත් තාවකාලික බව ඔවුන්ට වැටහුණා. ඔවුන් දෙදෙනාම මේ බව තේරුම් ගත්තා. අද රටේ බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ෆේස්බුක් ගිණුම් තමන් ආදරය කරන ආදරවන්තියට ආදරවන්තයාට පාස්වර්ඩ් එක දෙන්න කැමති නැහැ. ඒත් මේ දෙදෙනාම භාවිතා කළේ ඒකම ෆේස් බුක් ගිණුමක්. ඒ දෙදෙනාගේම නමින් “ගිහාන් මහේෂි වීරසිංහ” නමින්.

ගිහිකල මොවුන් ගෙව්වේ අසීමිත සැප සම්පත්වලින් පිරුණු ජීවිතයකි. ඔවුන්ට බුදුමග නිවැරදි මගලෙස දැණුනා. සැබැවින්ම අද ඔවුන්ගේ ජිවිතය අල්පේච්ජ ජීවිතයක්. සතුටින් තණ්හාවෙන් ගොඩගැසූ සියලුම භෞතික සැප සම්පත් අතහැර නිරාමිස ජීවිතයකට මග විවර කරගත්තේ මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානයේ තිත්තගල්ලේ ආනන්ද සිරි ගුරු වහන්සේගේ සිල්වත් වදන් ඇසීමෙන්. අපිට ජීවිතයේ අසීමිත බැඳීම් කොතරම්නම් තිබෙනවාද? ඒවා කෙළවර කරගන්නේ කෙසේද? ඊට පිළිතුරු සොයාගත්තේ මේ ස්වාමින් වහන්සේගේ දේශනා තුළිනි.

තිත්තගල්ලේ ස්වාමින්වහන්සේ මීට වසර කීපයකට පෙර අභිධර්ම දේශනා තුළින් ලංකාවේ වෙසෙන මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයන් ඈත්ව ගිය ධර්මයට නැවත යොමුකර ඇති විරල ගණයේ දේශකයාණන් වහන්සේ නමක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. සම්ප්‍රදායික දේශනා ක්‍රමවේද අතික්‍රමණය කොට කාලීන ලෙසත් ඉතා සරල ලෙසත් ඉතා ගරුබුරු බුදු දහමේ ඉගැන්වීම් ශ්‍රාවකයන් වෙත දායාද කිරීමට හැකි අති දක්ෂ දහම් ගුරුවරයෙක්. සත්‍ය මිනිසුන් අතරට ගෙනයාමට ඉතා වෙහෙසකර කාලසටහනකට ලංකාව පුරා මෙන්ම විදේශ රටවලද කළා වූ ඒ කැපකිරීමේ ප්‍රතිඵල නුදුරු අනාගතයේදීම අපට ලැබෙනු ඇත.

අප පුවත්පත මේ බුදුන් මග ගිය යුවළ පිළිබඳව ඒ ස්වාමින් වහන්සේගෙන් විමසීමක් කළා.

“මට මීට අවුරුදු ගණනකට කලින් තමයි මේ දෙදෙනා හමුවුණේ. ඔවුන් දෙදෙනා අවුරුදු ගණනක් ඇමෙරිකාවේ වාසය කළා. මේ දෙදෙනා එහිදී මහන්සියෙන් ඉගෙනගෙන රැකියා කළා. වෘත්තිය වශයෙන් හෙදි සේවයේ කටයුතු කළා. වයස අවුරුදු හතළිස් හතරක් පමණ වෙනවා. මේ දෙදෙනා මා වෙනුවෙන් දායකත්වය දී ඇමෙරිකාවට මාව ගෙන්වාගෙන මගේ දේශනාවලට යොමුවුණා. අවුරුදු ගණනක සිට දන්දිලා භාවනා ධර්ම දේශනාවල නියැලුණා. විවාහ වූදා සිටම ජීවිතය ගැන අධ්‍යයනය කළා. මොවුන් තායිලන්තයේ විවිධ භාවනා මධ්‍යස්ථානවලටද යොමු වුනා. ඒ දේවලුත් එක්ක තමයි මොවුන් පැවදි වුණේ. අවුරුදු ගණනක සිට ජීවිතය සැලසුම් කළා. මේ දෙදෙනා ජීවිතයේ යථාර්ථය සත්‍ය මොකද්ද කියලා අවුරුදු ගණනක සිට සෙව්වා. මේ ජීවිත අධ්‍යයනය නිසාම මේ දෙදෙනා දරුවන් හැදුවේද නැහැ. ඒ බැඳීම් අතහරින්න ඕනේ කියලා සිතුව නිසයි. ඔවුන් හම්බකරගත් සියලුම දේවල් පැවිදි දිවියට පත්වන්නට පෙර නොයෙක් පන්සල්වලට පූජා කළා” යනුවෙනි.

මෙත් බෝ සෙවණේදී “ඇමෙරිකාවේ සම්බූත” ස්වාමින් වහන්සේ සහ “ජයන්තිපුර ධම්මශාලිනි” මෑණියන් වහන්සේ නමින් පැවිදි දිවියට පත්වුණා.

බුදුන් මග ගිය දෙදෙනා ගිහි ජීවිතය සහ වර්තමාන ජීවිතය ගැන විස්තර කළේ මේ ආකාරයටයි.


ආදරය කොහොමද ඔබ දෙදෙනාට දැනුණේ? මෙහෙණින් වහන්සේ අර්ථකථනය කළේ මේ විදියටයි.

“ඇත්තටම ආදරය කියන්නේ විශ්වාසය සහ කැපවිමක්. දෙන්නාට දෙන්නා තේරුම් ගැනීම වගේම කැප කිරීම් කරන්න ඕනේ. ලෞකික පැත්තෙන් කතා කරනවානම් දෙන්නාට දෙන්නා තේරුම් ගැනීම කියලා කියන්න පුලුවන්. මම හිතන්නේ ආදරය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ සිදුවෙලා තියෙන්නේ. දෙදෙනෙක් ආදරය කළොත් මේ ජීවිතයේදී අනිවාර්යයෙන්ම වෙන් වෙන්න සිද්ධ වෙනවාමයි. ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි කරන්න සිදුවෙන දෙයක්. මරණය කියන මොහොතේදී අපි වෙන් වෙන්නම ඕනේ. අපි හිත හදාගෙන හිටියේ නැත්නම් අර ආදරය කියන දේ පිහිටක් වෙන්නේ නැහැ. මේ ජීවිතයට ඒක හොඳයි. එතැනින් ඒහාට මැරෙන්න කලින් මරණය කියන අත්දැකීම ඔස්සේ හදාරන්න ඕනේ. ඒකට මේ බුදුන් මග යෑම පිටිවහලක් වෙනවා කියලයි මට දැනෙන්නේ. චීවරය දරාගැනීම ලොකු උදව්වක් වෙනවා දෙන්නාටම. ඒ ලෞකික සැප සම්පත්වලින් අයින් වුණාම හිතට හරි නිදහසක් දැනෙනවා. අපි ලෞකික ජීවිතයේ උපරිමයෙන් විනෝද උනා. සැහැල්ලුවෙන් හිටියා. ඒ කොච්චර සැප වින්දත් ඒ සැප තුළ මොකද්දෝ අඩුවක් දැනුණා. ඒ දැනුණු දේ වෙන්න ඇති අපිව මේ මාර්ගයට යොමු කරවන්න ඇත්තේ. ඒ ජීවිතයේ නැති සතුටක් දැන් දැනෙනවා. ඒ සතුට නැදෑයන්ගෙන්වත් මිල මුදල්වලින්වත් අපිට ලබන්න බැහැ. ඒක අත්විඳින්නම ඕනේ. ඒ සතුට වින්ද දවසකට ඔහුට හෝ ඇයට හිතෙයි අපි සතුට කියලා මෙච්චරකල් වින්දේ මොකද්ද දැන් විඳින්නේ මොකද්ද කියලා. අපි ගිහි ජීවිතයේදී දේවල් පසුපස, මුදල් පසුපස හඹාගෙන ගියා. සතුට සොයාගෙන ගියා.

අපිට මෙහෙම බුදුන්මග යන්න උදව්වුණේ මෙත්බෝ සෙවණේ විපස්සනා මධ්‍යස්ථානයේ තිත්තගල ආනන්ද ස්වාමින් වහන්සේයි. අප දෙදෙනා ස්වාමින් වහන්සේ හමුවෙලා මේ ජීවිතය ගැන කතා කළා. අපි බොහෝ කලක සිට මේ ස්වාමින් වහන්සේගේ ඇසුරට යොමු වෙලා හිටියා. බොහෝ දෙනා යූ ටියුබ් එකේ ස්වාමින්වහන්සේලාගේ දේශනා අහලා එතැන නතර වෙනවා. අපි හිතුවා ඊට එහාට දෙයක් කරන්න ඕනේ කියලා. ස්වාමින් වහන්සේ කෙනෙකු ළඟ නතරවෙලා මේ ගැන හදාරන්න ඕනේ කියලා අපිට දැනුණා. අපිට මේ ජීවිතයේ හැඟීම් ආශාවල් ඒ විදියටම දැනෙනවා. ඒත් අපි කලින් වගේ ඒවා පසුපස හඹාගෙන යන්නේ නැහැ. ඒ සිතිවිලි මගේ කරගෙන ඒ හරහා එන දුක විඳින්නේ නැහැ. බාහිර පුද්ගලයින් මගේ කරගන්නේ නැහැ. අපිට අපිව මතක් වුණත් ඒ සිතිවිලි ඔස්සේ ලෝකය හොයාගෙන යන්නේ නැහැ. ඒ ජීවිතය හරිම පුස් දෙයක් මට හිතෙන්නේ. ඔතැන තමයි අපි හිරවෙන්නේ. මේ දේවල් අතහැරියාම හරිම නිදහසක් දැනෙනවා. අපි පිටරට ජීවත් වුණාට කාලයක් තිස්සේ බණ භාවනාවල නිරත වුණා.

ආදරය කියන්නේ හරිම තාවකාලික දෙයක් මතුපිටින් බැලුවාම මේ ජීවිතයට විතරක් අයිතිකරගෙන මේ ජීවිතයේ විතරක් පාවිච්චි කරන දෙයක් විදියට මම දකින්නේ. ඉන් එහා ගැඹුරට ගියොත් මම හිතන්නේ ආදරය කියන්නේ කැපකිරීමකි. දෙදෙනාගෙන් කෙනෙකු බුදුමග ගියොත් අනෙක් කෙනාද බුදුන් මගයෑම කැපකිරීමක් ලෙසයි මා දකින්නේ. කාටවත් බලපෑම් කරන්න බැහැ. දෙදෙනාම කැමැත්තෙන් කරන්න ඕනේ ආදරය කියලා කියන්නේ ඒ අතහැරීමම තමයි. එතැන තමයි නියම ආදරය තියෙන්නේ මරණ බයට මුහුණ දෙද්දි අපි දන්නේ නැහැ මොකක් අල්ලයිද කියලා. අපි කරන්නේ මේ මැරෙන්න කලින් ඒ හරහා අපි යන එකයි. මැරෙන අවස්ථාවේදි කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. සැහැල්ලුවෙන් ඒ අවස්ථාවට මුහුණදෙයි. මේ ජීවිතයේ සතුට සැහැල්ලුව අපි ළඟම තියෙනවා. අපි මේ ජීවිතයේ සිතිවිලි පසුපස හඹාගෙන ගිහින් මගේ කරගත්තාම තමයි මේ සියලුම ප්‍රශ්න ඇතිවෙන්නේ. මම මගේ කියලා මේ අපි අල්ලන් ඉන්නේ මොකද්ද? මේවා හරිම තාවකාලිකයි. අපි අවුරුදු හැටක් හැටපහක් ජීවත්වෙයි. ඒ පොඩි කාලෙට මොකද්ද මේ කරන පිස්සු විකාරේ කියලා හිතෙනවා. තමන් තුළින් මේ දේ දකින්න පුළුවන්නම් මම හිතන්නේ ඒක තමයි මනුස්ස ජීවිතයක් ලබලා කරන්න පුළුවන් උපරිම දේ ඒ මම වෙනුවෙන් අපි උපද්දවපු අම්මා තාත්තා වෙනුවෙන් කරන්නට පුළුවන් උපරිම දෙයයි. අප රටේ ගොඩාක් ස්වාමින් වහන්සේලා ඉන්නවා. පොඩ්ඩක් නැවතිලා ඒ දිහා බලන්න කියලයි හැමෝටම කියන්නේ ”

මේ වගේ ආදරය වෙනුවෙන් අපිට මේ විදියට අත්හරින්න පුළුවන්ද කියලා මඳක් සිතාබලන්න.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අපිට ගමට යන්න බෑ: පොහොට්ටු උපසභාපතිගෙන් ඇමැති ඉදිරියේම ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (VIDEO)

Next Post

ආමි බස් එකයි සෙංකඩගල මැණිකෙයි හැප්පෙයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.