සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට රාජ්‍ය උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න දියණිය දිරිමත් කිරීම සඳහා ආශිර්වාද කිරීමට අද (18) දිනයේදී එම නිවසට මහා සංඝරත්නය වැඩම කරන බව ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.
එම පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසන්නේ සිංහරාජ වන විනාශය ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට රාජ්‍ය උදහසට ලක්ව සිටින භාග්‍යා අබේරත්න දියණිය තව තවත් දිරිමත් කිරීම සඳහා ආශිර්වාද කිරීමට හා මව්බිමේ අනාගතය වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව මහා සංඝරත්නයේ ප්‍රශංසාත්මක අගයකිරීම පිළිගන්වනු පිණිස ජාතික භික්‍ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා අද පෙරවරුවේ භාග්‍යා දියණියගේ නිවසට වැඩමකිරීමට සූදානම් බවයි.
භාග්‍යා දියණිය හෙළිකළ සිංහරාජ වන විනාශය නිරීක්‍ෂණය කිරීමද මෙම ගමනේ තවත් අරමුණක් බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.