බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට සිටි මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා පමණක් නොව එහි මහ මොළකරු ලෙස හඳුන්වා දුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අත්අඩංගුවට ගත යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
”මේකට සම්බන්ධ මහ මොළකරු කුදලාගෙන එන්නේ නැතුව එක එක කණ්ඩායම් අල්ලලා. අර්ජුන් ඇලෝසියස් වගේ අයට අපේ ආණ්ඩුව කාලයේම ඔවුන්ට අවශ්‍ය නීතිමය කටයුතු කළා. ඒ කාලේ මුදල් අමාත්‍යවරයා මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට එහා ගිය මහ මොළකරු ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ නඩය. මේකේ මහමොළකරු ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයි කියලනේ සමහර තැන්වල කිව්වේ.
සීනි වංචාව අද බරපතල ලෙස ගිහිල්ලා. රටේ ජනතාවට අද කන්න නැහැ. අදින්න පළඳින්න නැහැ. රැකියාවක් නැහැ. දරුවන්ට පාසල් යන්න විදිහක් නැහැ. ගියත් ආරක්ෂාවක් නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ අර්බුද ගණනාවක් ගොඩනැගිලා. මෙය අර්බුද වහගන්න කළ දෙයක්.”
බැඳුම්කර වංචාව මෙන්ම සීනි බදුවලින්ද වංචාවක් සිදුව ඇති හෙයින් එය වසන් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා කියාසිටියේය.
හොරු ඇල්ලීමට විරුද්ධ නැති අතර කුමන ආණ්ඩුවක හිටියත් හොරු ඇල්ලිය යුතු බවත් නමුත් දැන් සිදුවන්නේ තාවකාලික වින්දනයක් දීම බවද හෙතෙම සඳහන් කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම තුළින් පෙන්නුම් කරන්නේ ඊළඟ පළාත් සභා ජන්දය ජයග්‍රහණය කිරීම සඳහා වන සැලසුමක්ද යන්න ගැනත් සැකයක් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාවට සම්බන්ධ අය අල්ලනවා වගේම සීනි බදු වංචාවට සම්බන්ධ අයත් හැකි නම් අල්ලාගන්නා ලෙස මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට අභියෝගයක්ද කළේය.










