ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිසේත්ම සූදානමක නැති බවත්, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු යයි කියාගන්නා කිහිපදෙනකු තනතුරු වරදාන බලාපොරොත්තුවෙන් යම් විකෘති අදහස් පළ කිරීමක් සිදුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.
එම පසුපෙළ මන්ත්‍රීවරු මේ කියාගන්නා පිරිස පිරිසගෙන් ඇතැමුන් පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී යහපාලනයේ ඇමතිකම් දැරූ අය බවත් ඔහු සඳහන් කළේය.
සන්ධානයක් යටතේ බොහෝ පක්ෂ නියෝජනය කරන බවත් එම සියලු පක්ෂවලට අනන්‍ය වූ මතවාදයන් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එම මතවාදයන් ඇතැම් අවස්ථාවල විවිධ ආකාරයෙන් මතු වන බවද පැවසූ ඔහු ඒ මත ආණ්ඩුවෙන් ඉවත් වීමක් නොවන බව ද සඳහන් කළේය.










