ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය.
වත්මන් ගෝලීය කොරෝනා ව්‍යසනය පිළිබදවත්, ද්විපාර්ශ්වික සබදතා පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු විය.
ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ඇඟලුම්, තේ, මුහුදු ආහාර සහ මැණික් හා ස්වර්ණාභරණ ස්විට්සර්ලන්තයට අපනයනය කරන අතර එරට ශ්‍රී ලංකාවේ 8 වන විශාලතම ආයෝජකයා වෙයි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා,ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුද එක් වූහ.










