පසුගිය දින කිහිපයේ අවම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිරින් වාර්තා වුවද යළිත් වතාවක් බස්නාහිරින් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
ඒ අනුව ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින්ගෙන් 454 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
ඊයේ ආසාදිතයින් සමස්තය 692කි.
ඒ කොළඹ 223ක් ගම්පහ 119ක් හා කලුතර 112ක් වශයෙනි.
බස්නාහිර පළාතෙන් බැහැරව වැඩි ආසාදිතයින් ගණනක් මාතලේ දිස්ත්‍රික්කයේ වාර්තාවන අතර එය 34කි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ දෙමටගොඩ ප්‍රදේශයෙනි. එය 30කි.
මීගමුවෙන් ද ආසාදිතයින් 32ක් වාර්තා වෙයි.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ඇති අතර එය දැක්වෙන්නේ 50,231ක් ලෙසය.










