ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස් නැවත වරක් ලකුණු බින්දුවට දැවී ගියේය.
එලෙස ඔහු ලකුණු බින්දුවට දැවී ගියේ පිට පිටම සිව්වැනි වරටය.
අද තරගයේදී ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවකට ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දෙමින් මෙන්ඩිස් දැවී ගියේ තරගයේ ඔහු මුහුණ දුන් දෙවැනි පන්දුවේදීය.
මීට පෙර පසුගියදා දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම මෙන්ඩිස් ලකුණු බිංදුවට දැවී ගිය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදීද ලකුණු බිංදුවේ සීමාව පසු කර යෑමට ඔහු අසමත් විය.
මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එලෙස පිට පිට ටෙස්ට් ඉනිම හතරකදී ලකුණු බිංදුවට දැවී ගොස් ඇති එකම ක්‍රීඩකයා වන්නේ ගයි ද අල්විස් පමණි. ඊට අමතරව හිටපු නායක අර්ජුන රණතුංග පිට පිට ටෙස්ට් ඉනිම තුනකදී ලකුණු බිංදුවට දැවී ගොස් ඇත.
ටෙස්ට් තරග ඉතිහාසයේ පිට පිට ඉනිම් හතරකට වැඩි අවස්ථාවක් ලකුණු බිංදුවට දැවී ගිය ක්‍රීඩයකන් වාර්තා වී ඇත්තේ තිදෙනකු පමණි.
ඉන්දියාවේ අජිත් අගාකර්, ඕස්ටේ්‍රලියාවේ බොබ් හෝලන්ඩ් සහ පාකිස්ථානයේ මොහොමඩ් අසීෆ් එලෙස පිට පිට ටෙස්ට් ඉනිම් පහකදී ලකුණු බිංදුවට දැවී ගොස් ඇත. මොවුන් තිදෙනාම පිතිකරුවන් නොව පන්දු යවන්නන් වීමද විශේෂ සිදුවීමකි.










