68 වන සම්මේලනය අමතා ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ කතාව මුල් කරගෙන රාජපක්ෂවරුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව දැනගන්නට ඇත.
මෙම කතාවේදී පොහොට්ටුව සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක්වූ ජනාධිපතිවරයා ඒ වෙනුවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට වාසි සහගත වන ආකාරයේ කතාවක් සිදු කිරීම ඊට හේතු වී තිබේ.
කලින් දෙපාර්ශ්වය අතර පැවැති සන්ධාන සාකච්ජා අවසානයේ දෙපාර්ශ්වයම සාකච්ජා සාර්ථක බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබියදීත් ජනාධිපතිවරයාගේ කතාව තුළින් එවැනි කිසිදු ඉගියක් පළ නොවීම රාජපක්ෂවරුන්ගේ කනස්සල්ලට තවත් හේතුවක් වී තිබේ.
ඒ අනුව ඊයේ (03) රාත්‍රියේම විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති රාජපක්ෂවරුන් මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කර ඇති අතර තවදුරටත් ශ්‍රිලනිපය සමග සාකච්ජා පවත්වනවාද, එසේත් නැත්නම් ශ්‍රිලනිපයේ කුමන පාර්ශ්වයන් සමග සාකච්ජා පවත්වනවාද යන්න පිළිබදව අදහස් හුවමාරු කරගෙන තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම කතාව පිළිබදව අපට ලැබුණු ආරංචි මත අපද විශේෂ අනාවරණයක් පෙරේදා (02) දිනයේදී කරමින් කියා සිටියේ දෙපැත්තටම නැති කතාවක් කිරීමට ජනාධීපතිවරයා සූදානමින් සිටින බවකි.