පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාවත්, රටත් නොමග යවන ප්‍රකාශ නොකරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
ආණ්ඩුව කැලෑ නීතිය ක්‍රියාත්මක නොකරන බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් දන්නා යමක් ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ආයකන වෙත ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශයකින් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සදහන් කර සිටියේය.










