සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසයි.Sri Lanka Latest News
මෙම ගින්න ඇතිවී ඇත්තේ තෙල් පිරිපහදුවේ හිස් ඉන්ධන ටැංකියක් අලුත්වැඩියා කරමින් සිටියදී බව තෙල් පිරිපහදුවේ ප්‍රකාශකයෙක් කීවේය.
කෙසේ වෙතත් යුද හමුදාව, ගුවන් හමුදාව මෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කැඳවා අසීරුවෙන් මෙම ගින්න මැඬපැවැත්වීමට සිදුවූ බවද පොලිසිය කියයි.
මෙම ගින්න ඇතිවීම සඳහා කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවී ඇද්ද යන්න විමසා බැලීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය කියයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










