ලබන සඳුදා (26) දින රජයේ නිවාඩු දිනයක් බවට ආණ්ඩුව විසින් හදිසියේම ප්‍රකාශයට පත් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වීම නවතා ගැනීමටද යන්න සම්බන්ධයෙන් විපක්ෂයට ප්‍රබල සැකයක් මතුවී ඇති බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට ස්වාධීන මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිට ඇත්තේ ලබන සදුදා දිනයේදීය.
ඊට අදාළව අද දිනයේදී තේරීම්භාර නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද කොමිසම පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් හදිසියේම සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ මැතිවරණ ගැසට්ටුව නිකුත් කිරීම පමා කිරීමටද යන්න සම්බන්ධයෙන් විශාල සැකයක් මතුව ඇති බව විපක්ෂ මන්ත්‍රීවරු සදහන් කර සිටිති.










