ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍රයේ විරෝධතාවයක් පැවැති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණ ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන්නේය.
ඉන් අනතුරුව මේ ගැටලු පිළිබඳව ඒ මහතා පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතාගෙන් ප්‍රශ්න කළේය.











