ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පනත පසුගිය 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද බොහෝ පාර්ශ්වවලින් කෙරුණු ඉල්ලීම් අනුව එදින එය ඉදිරිපත් නොකෙරිණ. එම පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා තිබිණ.










