විවිධ අවස්ථාවල දී රජය කුමන කතා කිව්වත් රජය විසින් නිර්මාණය කරන ලද ත්‍රස්ත විරෝධී පනත මේ රජය විසින්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් බවත් ඒ තුළින් මිනිසුන්ගේ මානව අයිතිය මූලික අයිතිය අමු අමුවේ උලලංඝනය වන අණ පනත් රාශියක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලෝකයට විවිධ කතා කියමින් මේ පනත හකුලා ගත් බවට පැවසුවත් එය තාවකාලික විරාමයක් බවත් මේ රජය දන්නේ ජනතාව ජීවත් කිරීම නොව මර්ධනය කිරීම බවත් විපක්ෂ නායකවරයා අවධාරනය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍ර්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මැතිවරණයට බය මේ රජය මැතිවරණය වැළැක්වීමට විවිධ දේ කරමින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය අහෝසි කිරීට කටයුතු කරන ගමන් ජනතාව තම අයිතීන් වෙන්වෙන් පාරට බැසීම හඩක් නැගීම පාලනය කරමින් තමන්ගේ දේශපාලන විරුද්ධ වාදීන් මර්ධනය කිරීමට විවිධ අණ පනත් ගෙන එන බවත් මෙය රාජ්‍ය මිලේච්චත්වය හොදින්ම සංකේතවත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.