එක්ස් ප්‍රෙස් පර්ල් හා දැනට පවතින සාකච්ඡාවලට සම්බන්ධ කිසියම් පාර්ශ්වයකට අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ලැබී එම මුදල් බ්‍රිතාන්‍ය බැංකුවක ගිණුමකට යැවූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති නීතිඥ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
2021 මැයි 20 වන දින කොළඹට ඔබ්බෙන් ගිනි ගත් කන්ටේනර් 1,486ක් රැගත් එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ අනතුරත් සමඟ මෙරට සමුද්‍රීය පරිසරයට හානි සිදු වුණා. පරිසර, ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ වසරේ අප්‍රේල් 04 වැනි දින මෙම ගැටලුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව නවතම වර්ධනයන් පිළිබඳව මාධ්‍ය විමසූ අවස්ථාවේ දී අධිකරණ ඇමැතිවරයා අමෙරිකානු ඩොලර් මිලියන 250ක කතාව අනාවරණය කර තිබෙනවා.
එක්ස් ප්‍රෙස් පර්ල් හි අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි අයට ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් චෝදනා සහ ප්‍රති චෝදනා මධ්‍යයේ තමාට විදේශ බැංකු ගිණුම් අංකයක් ලැබී ඇති බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ අනාවරණය කළා.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දරුණුතම සමුද්‍ර ව්‍යසනය සිදුවූ අවස්ථාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ජනාධිපති නීතිඥ අලි සබ්රි යි.










