පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබදව ප්‍රකාශයක් ලබා දීම සදහා අශෝක් අබේසිංහ මහතා අද (11) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ විපක්ෂනායකවරයාගේ රථයේ නැගී ඒ මහතා සමගම අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමය.
මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටි විපක්ෂනායකවරයා ප්‍රහාරයේ මහමොළකරුවන් රටට හෙළිදරව් කළ යුතු බවද සදහන් කර සිටියේය.










