විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුතුව බිහිකරන නව සන්ධානය එළිදැක්වීමේ කටයුතු ලබන සදුදා (02) දින මහත් උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව වාර්තා වේ.
ඒ සදහා දැනටමත් සියලු කටයුතු සංවිධාන කොට ඇති අතර එදිනම ඊට සම්බන්ධ වන සෙසු පක්ෂ සමග ගිවිසුම්ගත වීමටද කටයුතු සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
‘සමගි ජන බලවේගය’ නමින් හැදින්වෙන මෙම නව සන්ධානයට එක්වීම සදහා දැනටමත් පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ රාධක්‍රීෂ්ණන් යන මහත්වරුන්ගේ පක්ෂ එකගතාව පළ කොට ඇත.
මෙවැනි දේශපාලන වැඩසටහනකට නෙළුම් පොකුණ රගහල භාවිත කරනු ලබන්නේ පළමු වතාවට බවද දැනගන්නට තිබේ.