මේ දිනවල ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට සහභාගී වී සිටින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසට සාකච්ජාවක් සදහා වේලාව ලබා දීමට එම කොමිසමේ මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැෂෙල් මහත්මිය කටයුතු කොට ඇත.
ඒ අනුව හෙට (28) දිනයේදී දෙපිරිස අතර මෙම හමුව සිදුවනු ඇත.
මෙම හමුවට ගුණවර්ධන මහතාට අමතරව මහින්ද සමරසිංහ ඇතුළු නියෝජිත පිරසක් සහභාගී වීමට නියමිතය.
මීට පෙර ඒ සදහා අවස්ථාවක් ඉල්ලා තිබුණද මහකොමසාරිස්වරිය විසින් වේලාවක් ලබා දීමට පියවර ගෙන නොතිබිණ.