මාස එකහමාරකට අධික කාලයක් බන්ධානාගාරගතව සිටි රන්ජන් රාමනායක මහතා ඇප ලබා එළියට පැමිණි අද (26) දිනයේදීම ආන්දෝලනාත්මක වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුම හරහා මුදාහැරීමට කටයුතු කළේය.
එම වීඩියෝව හරහා තමන් සිරගතව සිටි කාලය තුළ ලැබූ අත්දැකීම් සහ තමන්ට නිදහස ලබා ගැනීමට උදව් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.
එමෙන්ම තමන් ඉදිරි මහමැතිවරණයේදී යළි තරග කරන බවත්, අවශ්‍ය නම් ජනතාවට තමන් යළි පත්කරගත හැකි බවත්, නොඑසේ නම් තමන්ට ජන්දය නොදී සිටිය හැකි බවත් සදහන් කර සිටියේය.
එම වීඩියෝව මෙහි දැක්වේ.