ප්‍රජා මූල වැඩසටහනකට ගෙනා GI පයිප්ප බට සොරකම් කොට විකිණීමට යාමේදී අත්අඩංගුවට ගනු ලැබූ බෙලිඅත්ත පොහොට්ටු සභාපති සිරිල් මුණසිංහ මහතාගේ පුත්‍රයා විසින් ඒ පිළිබද පොලිසියට තොරතුරු ලබා දුන් තරුණයා වෙත පහර දීමක් සිදුකොට ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව මෙම තරුණයා මේ වනවිට බෙලිඅත්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම බට තොගය සභාපතිවරයාගේ වැඩිමල් සොහොයුරාගේ නිවසේ තිබී මාලඹේ ප්‍රදේශයේ ආයතනයකට විකිණීමට සූදානම් කොට තිබී ඇත.
ඒ 22000ක් වන බටයක් 15,000 බැගිනි.
පසුව මෙම ආයතන සේවකයන් එම බට ගෙන යාමට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයා විසින් 119 අමතා පොලිසියට මේ පිළිබදව දැනුම් දීමක් කොට ඇත.
ඒ අනුව පොලිසිය පැමිණ මෙම සිදුවීමට සම්බන්ධ බව කියන සභාපතිවරයා සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.
මේ සිදුවීමෙන් පසු සභාපතිවරයාගේ පුත්‍රයා කළ පහරදීමකින් අදාළ තරුණයා රෝහල්ගතව ඇති බව පැවසේ.
එමෙන්ම සභාපතිවරයාගේ පුත්‍රයාද තමන්ට පහරදීමක් සිදුවූ බව පවසමින් මේ වනවිට බෙලිඅත්ත රෝහලට ඇතුළත්ව සිටින බව පැවසේ.










