ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 100 දෙනෙකුට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව සිව් දෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී ඇත.
නීතීඥ සහායකයකුට, පටිගත කිරීමේ අංශයේ සේවිකාවකට, ගෘහපාලන අංශයේ සේවිකාවකට සහ පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරිනියකට මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මෙහෙයුමක් ආරම්භ වී ඇති බවද දැනගන්නට තිබේ.










