රන්ජන් රාමනායක වැනි පිරිසුදු, අවංක චරිතයක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙනී සිටීමට හැකි වීම පිළිබදව තමන් ආඩම්බර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් සුමන්තිරන් මහතා මේ බව සදහන් කළේය.
අධිකරණය මගින් කුමන තීන්දුවක් ලබා දුන්නද තමන් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවංකව පෙනී සිටියේ ඒ මහතාගේ පිරිසුදු චරිතය හේතුවෙන් බවද පෙන්වා දුන්නේය.










