කල්පිටිය පොලිස් බලපදේශයට අයත් ඒත්තාල කොලණියේ ප්‍රධාන මංසන්ධියේ පිහිටි වේලන්කන්නි මාතා දේව ප්‍රතිමාව සහිත කුටීරයේ වීදුරු කිසිවකු විසින් බිද දමා එහි ප්‍රතිමාවලට හානි කර ඇති බව කල්පිටිය පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ කිසියම් පුද්ගලයකු පැමිණ වීදුරු කුටිය බිද දේවමාතා පිළිරුව රැගෙන පොළොවේ ගසනු තමන් දුටු බවකි.
සිද්ධිය සැලුවූ වහා පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.










