නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පත්වීම් ලබා ගත්තේය.
කෘතහස්ත දේශපාලනඥයෙකු වන වෙල්ගම මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද, ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයෙකු ලෙසද අත්දැකීම් බහුල නායකයෙකි.










