කොවිඩ් 19 වැළැක්වීමේ එන්නත ලබා දීමේදී ආසාදිතයන් වැඩි වශයෙන් හමු වන අවදානම් ප්‍රදේශවල ජනයාට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට පියවර ගන්නා ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ පිළිබඳව සංඛ්‍යා ලේඛන අඩංගු නිවැරැදි තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මෙන්ම බුද්ධි අංශවලින්ද ලබා ගන්නා ලෙස ඇමැතිවරිය උපදෙස් ලබා දී ඇත.
පසුගිය සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එම එන්නත ලබා දීමට පියවර ගත් බවද අමාත්‍යවරිය සඳහන් කළාය.










