ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පහළොස් දෙනකු පමණ එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම අතහැර ඇමෙරිකාවට ගොස් එරට ජාතික ක්‍රීඩා කණ්ඩායමට කිරීමට තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ක්‍රීඩකයන් අතරට දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන දුෂ්මන්ත චමීර, අමිල අපොන්සු, මලින්ද පුෂ්පකුමාර, දිල්ශාන් මුණවීර, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන් මෙන්ම නැඟී එන ක්‍රීඩකයන් වන මනෝජ් සරත්චන්‍ද්‍ර සහ නිශාන් පීරිස් ඇතුළත් වන දැනගන්නට තිබේ.
මීට අමතරව ඉකුත් සතියේ ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාවෙන් සමුගත් උපුල් තරංගද ඇමෙරිකාව බලා පිටත්ව යෑමටත්, එරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ලෙස පරිහානියට පත්ව තිබීමත්, ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් කෙරෙහි දක්වනු ලබන අඩු සැලකිල්ලත් මේ සඳහා හේතු වී ඇති බව පැවැසේ.
මෙහිදී අවම වශයෙන් එක් ක්‍රීඩකයකුට ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් (මිලියන 9.7) වාර්ෂිකව ගෙවීමට අමෙරිකාවේ ක්‍රිකට් ආයතනය යෝජනා කොට ඇති බවත් වාර්තා වේ.
මීට මසකට ඉහතදී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකු වන ෂෙහාන් ජයසූරියද ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණේ එරට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමටය.