ආණ්ඩුව විසින් පනවා ඇති නව බදු පනතට එරෙහිව අද (22) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවති විරෝධතාවය සාර්ථක වූ බව එහි සංවිධායකයන් පවසනවා.
ඒ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද දහවල් 12.00ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ට කැඳවා තිබූ මෙම විරෝධතාවයට වරාය, ඛනිජ තෙල්, විදුලිය, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ ආදී විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති ගණනාවකගේ සහය ලැබුණු බවයි කියන්නේ.
කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය වැසී යන තරම් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවයේ දී වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයන් විරෝධතාකරුවන් අමතා තිබෙනවා










