• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විස්සෙන් ආණ්ඩුව ගැස්සෙයිද? (රාජ්‍ය රහස්)

September 21, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 7 mins read
A A
විස්සෙන් ආණ්ඩුව ගැස්සෙයිද? (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, වත්මන් ආණ්ඩුවත් බලයට පැමිණියේ 19 වැනි සංශෝධනය ඉතාමත් ඉක්මණින් ඉවත්කොට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරනවා යැයි කියාය. ඉන් අනතුරුව අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවද එකල ආණ්ඩුවේ පිරිස් රටට දුන් පොරොන්දුවක් විය. ඒ අනුව ගෝඨාභයත්, ආණ්ඩුවත් බලයට පැමිණි වහා 20 වැනි සංශෝධනය හඳුන්වා දීමට පියවර ගත්තේය. එය ගැසට්කොට නිල වශයෙන් රටට ඉදිරිපත් කිරීමටත් පියවර ගත්තේය.
කෙසේ වෙතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 20 හඳුන්වා දෙන බව රටටම කියා සිටියත් ආණ්ඩුවත් නොසිතූ පරිදි 20 ආණ්ඩුව ඇතුළේම අර්බුදයක් ඇතිකර තිබූ ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණ. ඊට ප්‍රධානම හේතුව වූයේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන පිරිස්ම 20 සම්බන්ධයෙන් සහ එහි ඇති යම් යම් වගන්ති සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම විරෝධතා දැක්වීමට පියවර ගැනීමය. විශේෂයෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ප්‍රේමනාත් දොලේවත්ත වැනි මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම නිසා 20 පිළිබඳව ආණ්ඩුව ඇතුළේ ලොකු අර්බුදයක් ඇති ආකාරයක් පිටතට දැකගන්නට ලැබිණ.

විස්සට ඇතුළේ බෙදිල්ලක්…

එමෙන්ම එක් එක් පාර්ශ්වයන් මෙම අර්බූදය එක් එක් ආකාරයට විග්‍රහ කරන ආකාරයක්ද එහිදී පෙනිණ. ඇතැමුන් කීවේ මේ හරහා ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් අතර බල අරගලයක් මතුව ඇතැයි කියාය. තවත් පාර්ශ්වයන් කීවේ බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන යම් යම් පිරිස් විසින් මෙම අර්බුදය මතුකරමින් සිටින බවය. තවත් සමහරු කියා සිටියේ අගමැතිවරයා සතු බලතල ජනාධිපතිවරයා අතට යන නිසා අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම විරෝධතා ක්‍රියාත්මක කරන බවය. පසුගිය සතිය වන විට සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ඇතැම් වෙබ්අඩවිද දිගින් දිගටම මේ පිළිබඳව පුවත් පළකරමින් 20 මුල්කරගෙන ආණ්ඩුව දෙකට බෙදී ඇති බවට මත පළකර තිබිණ.
තත්ත්වය තවත් උග්‍ර වූයේ මේ අර්බුදය අතරේ 20 නිර්මාණය කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රශ්නයක් පැනනැඟීමත් සමඟය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතාගෙන් විමසද්දී ඔහු කියා සිටියේ විස්ස හැදුවේ තමන් නොවේ යැයි කියාය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද කියා සිටියේ විස්ස සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවකි. ඒ අනුව විපක්ෂයද රට ඇතුළේ විශාල මතයක් ගෙනගියේ විස්ස නිසා ආණ්ඩුව දෙකට බෙදී ඇති බවත්, දැන් විස්ස හදපු කෙනෙක් හොයාගන්නවත් නැති බව කියමිනි.

ගෝඨා වියත් මග එළියට ගනී

මේ ආකාරයට විස්ස මුල්කරගෙන ආණ්ඩුව ඇතුළේත්, රට ඇතුළේත් බරපතළ සංවාදයක් මතුවෙමින් පැවතියදී එක්වරම ගෝඨාභයත්, බැසිලුත් පසුගිය සතියේ එළියට පැමිණි ආකාරයක් දැකගත හැකි විය. ගෝඨා එළියට ආවේ මෙතෙක් අක්‍රියව පැවැති ‘වියත් මග’ සංවිධානයේ සාකච්ඡාවකට එක්වෙමිනි. වියත්මග 2016 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කළේම ගෝඨාව ජනාධිපති ධුරයට පත්කර ගැනීමේ අරමුණින් යුතුවය. ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩිකරවීම දක්වාම වියත් මඟ රට ඇතුළේ සුවිසල් මෙහෙයක් සිදුකර තිබිණ. කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් මාසයේ ගෝඨා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු මේ දක්වා වියත්මඟ විධායක සභාව රැස්ව නොතිබිණ. ඒ අනුව පසුගිය ඉරිදා (13දා) ඇතුල්කෝට්ටේ වියත්මඟ කාර්යාලයේදී ගෝඨා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පළමුවරට එහි විධායක සභා රැස්වීමක් කැඳවීමට පියවර ගෙන තිබිණි. එහිදී ගෝඨා වියත්මඟට රාජකාරි කිහිපයක්ම පැවරුවේය. ඉන් එකක් වූයේ රාජ්‍ය අමාත්‍යාංශවලට ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහභාගි වීමත්, අභියෝගාත්මක අවස්ථාවලදී අමාත්‍යවරයාට උපදෙස් දෙමින් සහාය වීමත්ය. එමෙන්ම නව සාමාජිකයන් බඳවා ගැනීමටද මෙහිදී ගෝඨා වියත්මඟ නියෝජිතයන්ට උපදෙස් ලබාදුන්නේය. මේ ආකාරයට ගෝඨා හදිසියේම වියත්මඟ සංවිධානය යළි සක්‍රිය කොට එළියට ගැනීම හරහා ආණ්ඩුවේ ඇතැමුන්ට විශාල පණිවුඩයක් ලබාදුන් බව බොහෝ දෙනාගේ මතය විය.

බැසිලුත් සටනට පිවිසෙයි…

ගෝඨා මේ ආකාරයට වියත්මඟ එළියට ගනිද්දී බැසිල්ද තමන්ට සුපුරුදු දේශපාලන ක්‍රීඩාවේ නිරත වන ආකාරයක් දැකගන්නට ලැබිණ. බැසිල් ඒ සඳහා තේමාකොට ගත්තේ ලබන නොවැම්බර් 02 වැනිදා කොළඹ සුගතදාසයේ පැවැත්වීමට නියමිත පොහොට්ටුවේ 4 වැනි සම්මේලනයය. ඒ අනුව සම්මේලනය සාර්ථක කරගැනීම සඳහා බැසිල් පසුගිය සතිය වන විට සියලුම දිස්ත්‍රික් සංවිධාන කොළඹට කැඳවීමට පියවර ගත්තේය. මෙහිදී මුලින්ම බැසිල් සංවිධායකවරුන්ට කියා සිටියේ මෙවර ලක්ෂ 25ක සාමාජිකත්වයක් සමුළුවට පෙර පොහොට්ටුව විසින් සම්පූර්ණ කරගත යුතු යැයි කියාය. සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේ අසීරු ඉලක්කයන් ජය ගැනීමේ රුසියකු ලෙසටය. ඒ නිසාදෝ පසුව බැසිල් මෙම ඉලක්කය ලක්ෂ 40 දක්වා ඉහළ නැංවීමට පියවර ගත්තේ ඒ සම්බන්ධයෙන් සංවිධායකවරුන්ගෙන් ලද සුබදායක ප්‍රතිචාරත් සමඟය.

බැසිල් 20 පැත්තේ හිටගනී

එමෙන්ම මෙම සාකච්ඡාවලදී බැසිල් විශේෂ පණිවුඩ දෙකක් ආසන සංවිධායකවරුන්ට ලබාදීමට පියවර ගත්තේය. ඉන් පළමුවැන්න වූයේ 2015 අත්වූ පරාජය නැවැත වතාවක් පක්ෂයට අත්විඳින්නට ඉඩදිය නොහැකි බවය. ඊට හේතුද බැසිල් එහිදී සඳහන් කර සිටියේය.
“2015 අපි ඡන්දෙ පරාජය වෙන්න ප්‍රධානම හේතුව දේශපාලනය නොකරපු එකයි. 2010 යුද්ධෙ දිනලා විශාල බලයක් එක්ක අපි ආණ්ඩුව ගත්තා. හැබැයි ඊට පස්සෙ අපි හැමෝම කළේ අමාත්‍යාංශවල ඇතුළට වෙලා හිටපු එක. කවුරුවත් දේශපාලනය කළේ නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පරදින්න ප්‍රධානම හේතුව ඒක. ඒ අත්වැරැද්ද ආයිමත් වෙන්න මම ඉඩ තියෙන්නෙ නෑ. ඒ නිසා ආණ්ඩුවට ආණ්ඩු කරන්න දීල අපි දේශපාලනය කරන්න ඕනෙ….” යන්න එහිදී බැසිල් මතු කළ පළමු කාරණය විය. දෙවැනි කාරණය වූයේ පළාත් සභා මැතිවරණයය. මේ දිනවල පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍යවරයකු වන සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුණත් බැසිල් සංවිධායකවරුන්ට කියා සිටියේ වහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙසය.
“වහාම ඔය කට්ටිය පළාත් සභා ඡන්දයට ලෑස්ති වෙන්න. දැනටත් ආණ්ඩුකාරවරු යටතේ පළාත් සභා තියෙනවා. අපි දැන් මේ පළාත් සභා ටික අල්ලන්න ලෑස්ති වෙන්න ඕනෙ…” යනුවෙන් බැසිල් සිය දෙවැනි අරමුණ පිරිසට දැනුම් දී සිටියේය.
කෙසේ වෙතත් පැමිණ සිටි පිරිස මේ සියල්ල සාවධානව අසා සිටියත් ඔවුන්ගේ අවශ්‍යතාව වී තිබුණේ 20 සම්බන්ධයෙන් බැසිල් දරන මතය කුමක්ද යන්න දැනගැනීමය. සංවිධායකවරුන්ගේ අවශ්‍යතාව ඉවෙන් මෙන් වටහාගත් බැසිල් 20 ගැන තම මතය පළමුවරට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට පියවර ගත්තේය.
“මම නම් කියන්නෙ විස්සෙ තියෙන කිසි දෙයක් වෙනස් වෙන්න ඕනෙ නැහැ කියලයි. ඒකෙ අලුත් කිසිම වගන්තියක් ඇතුළත් කරල නෑ. 2015දි 19 ගේන්න ඉස්සෙල්ල තිබ්බ තත්ත්වය තමයි ඒකෙන් ඇතිකරල තියෙන්නෙ. ඒක හොඳට ඔබතුමන්ලා ඔළුවට ගන්න. ගොඩදෙනෙක් මේ ගැන දන්නෙ නෑ. ජේ.ආර්.ට, ප්‍රේමදාසට, විජේතුංගට, චන්ද්‍රිකාට, මහින්දට දීල තිබ්බ බලයම තමයි 20න් මේ ජනාධිපතිතුමාටත් දීල තියෙන්නෙ. ඒකෙ කිසිම වෙනසක් වෙලා නෑ. ඒ හින්ද ඔබතුමාල මේ පණිවුඩය ගමට ගෙනියන්න. අනෙක ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් ඒකට ජනවරම් දෙකක් ලැබුණා….” යනුවෙන් කියමින් බැසිල් විස්ස වෙනුවෙන් ඍජුවම එහිදී පෙනී සිටීමට පියවර ගත්තේය.
පළාත් සභා අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේම රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබුණත්, හිටපු පළාත් සභා මන්ත්‍රිවරියන් කිහිපදෙනකුම පොහොට්ටුව පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පළාත් සභා වෙනුවෙන් ඍජුවම පෙනී සිටිමින් අදහස් දැක්වූයේ බැසිල් සමඟ පැවැත්වූ එම සාකච්ඡාවෙන් පසුවය.

ඇතුළේ බෝම්බය මහින්ද නිෂ්ක්‍රීය කරපු හැටි

මේ අතරවාරයේ සියල්ලන්ම බලා සිටියේ 20 සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කුමන ස්ථාවරයක් ගනු ඇතැයිද කියාය. විපක්ෂය 20 හරහා මහින්ද පාර්ලිමේන්තුවේ පියන් කෙනකු බවට පත්කර ඇති බව කියමින් මහින්දව අවුස්සාලීමට වෙනම මෙහෙයුමක් දියත් කර තිබුණු අතර තවත් සමහරුන් විස්ස අර්ථ දක්වා තිබුණේ රාජපක්ෂවරුන් අතර ගැටුම් ඇතිකරලීමට නිර්මාණය කළ එකක් වශයෙනි. තවත් සමහරු කියා සිටියේ විස්ස තනිකරම සියලු රාජපක්ෂවරුන් එකතුව ගැසූ ගේමක් යැයි කියාය. ඒ කුමන කතා පැවැතියත් මහින්ද මෙහිදී ගැහුවේ බොහොම නිශ්ශබ්ද දේශපාලන ගේම් එකක්ය. සාමාන්‍යයෙන් මහින්ද යනු දැනට දේශපාලන ක්ෂේත්‍රයේ ඉතිරිව සිටින හොඳින්ම තෙම්පරාදු වූ දේශපාලන චරිතයය. දේශපාලන වශයෙන් මහින්දට ඇති පලපුරුද්ද ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ කිසිවකුටත් නැත. මේ නිසාම මහින්ද කළේ එළියේ පුපුරා යෑමට නියමිතව තිබුණු විස්සේ බෝම්බය හීන් සීරුවේ යළිත් ආණ්ඩුව ඇතුළටම ගෙන නිෂ්ක්‍රිය කර දැමීමට පියවර ගැනීමය. මහින්ද ඊට යොදාගත්තේ 20 සම්බන්ධයෙන් සොයා බලා ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමය. එම කමිටුවට ජී.එල්. පීරිස්, අලි සබි්‍ර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, එස්. වියලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් දොලේවත්ත යන මැති ඇමැතිවරුද ඇතුළත් වූහ. එම පිරිස මුල්වරට රැස්වූයේ පසුගිය සඳුදා දින ජී.එල්.ගේ නිවසේදීය.

නිමල් සිරිපාල වැඩේ ෂේප් කරන්න කියපු දේ

එහිදී සුපුරුදු පරිදි විමල්, උදය ඇතුළු පිරිස 20 ඇති අහිතකර වගන්ති පිළිබඳව යම් යම් කරුණු මතුකරලීමට පියවර ගත්හ. ඇතැම් විට ඒවා තරමක් විවාද සම්පන්න වූ හෙයින් පිරිස අතර විවිධ වාද විවාද ඇතිවන ආකාරයක්ද දැකගත හැකි විය. ඇතැම් තැන්වලදී විමල් තරමක ආවේගශීලීව අදහස් දක්වන ආකාරයක්ද පෙනෙන්නට තිබිණ. මෙහිදී එක් අවස්ථාවක නිමල් සිරිපාලද සිල්වා තත්ත්වය පාලනය කරමින් 20 ගෙන ඒමට ජනාධිපතිවරයාට ඉඩදිය යුතු බව කියා සිටිනු දැකගත හැකි විය.
“දැන් මේ රටට නායකයෙක් පත්වෙලා ඉන්නවා. එතුමට තමයි ජනවරම තියෙන්නෙ. එතුමට ඕන විදිහට මේක කරගෙන යන්න ඉඩදෙන්න. සාමාන්‍යයෙන් ඒකයි සම්ප්‍රදාය…” යනුවෙන් කියමින් නිමල් අදහස් දැක්වුවද ඊට විමල් ඇතුළු කණ්ඩායමෙන් ඉඩක් ලැබුණේ නැත. ඔවුන් දිගටම කියා සිටියේ 20ට සංශෝධන නියත වශයෙන්ම එක්විය යුතු බවත්, එසේ එක්කරන සංශෝධන ඇතුළත් කොට දැනට ගැසට් කර ඇති 20 වෙනුවට නව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බවත්ය. සාකච්ඡාවෙන් පසුව විමල් මෙන්ම උදයද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 20 නැවැත වතාවක් සංශෝධනය වන බවත්, දැනට ගැසට් කර ඇති කෙටුම්පත වෙනුවට නව කෙටුම්පතක් එළිදැක්වෙන බවත්ය. එමෙන්ම අදාළ කමිටුව විසින් සකස් කරන වාර්තාව අගමැතිවරයාට අඟහරුවාදා දිනම ලබාදී එය බදාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවද විමල් කියා සිටියේය.

රාජපක්ෂවරු තීරණාත්මක සාකච්ජාවක…

මේ ආකාරයට ආණ්ඩුව ඇතුළේම 20ට එරෙහිව විරෝධයක් මතුවෙමින් පැවැතියදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගෝඨා, මහින්ද, බැසිල් තිදෙනාද පියවර ගත්හ. තිදෙනා අතර පැවැති මෙම විශේෂ සාකච්ඡාවේදී තීන්දු වූයේ දැනට ගැසට් කර ඇති 20 වැනි සංශෝධනය නැවැත වතාවක් සංශෝධනය කළ නොහැකි බවත්, මේ අවස්ථාවෙදී එය නැවැත කෙටුම්පත් කොට ගැසට් කිරීමට ගියහොත් තවත් කාලයක් ගතවන නිසා දැනට ගැසට් කර ඇති සංශෝධනයම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්ය. තුන්වැනි වර කියැවීමේ අවස්ථාවේදී ඕනෑම අයකුට ඊට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත්, කලින් සැලැසුම් කරගත් පරිදිම ලබන 22 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටත් එහිදී තීන්දු විය.

නාමල් කියපු දේ…

බොහෝ දෙනකු 19 සම්බන්ධයෙන් තැන් තැන්වල විවිධ ප්‍රකාශ නිකුත් කරද්දී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා 20 සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් නිකුත් කළේ ඉන් අනතුරුවය. නාමල් කියා සිටියේ සැලැසුම් කරගත් පරිදි 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඕනෑම අයකුට හන්දි ගානේ තැන් තැන්වල කතා නොකොට එහිදී සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත්ය. එමෙන්ම හිතේ කහටක් ඇති ඕනෑම කෙනකුට 20ට එරෙහිව අධිකරණයට යා හැකි බව නාමල් කියා සිටියේය. එමෙන්ම ඉදිරියේදී සියලුම දෙනාගේ මතය විමසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවද නාමල් එහිදී කියා සිටියේය.

කැබිනට්ටුවේදී විමල්-වාසු-උදය බාල්දිය පෙරළයි…

බදාදා සවස් වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ මෙවැනි පසුබිමක් යටතේය. මෙහිදී බොහෝ දෙනා කමිටුව විසින් අගමැතිට භාරදුන් සංශෝධන සහිත වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති බවට බලාපොරොත්තු වුවද එදින එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසි වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡාව කැබිනට් මණ්ඩලයේ ආරම්භ වූ අතර එහිදී අදාළ වාර්තාව සම්බන්ධයෙන් විමල් ඇතුළු පිරිස විමසද්දී ගෝඨා කෙළින්ම කියා සිටියේ එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවත්, ඕනෑම අයකුට පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත්ය.

ගෝඨාටත් කේන්ති යයි

ඉන් අනතුරුව විමලුත්, උදයත්, වාසුදේවත් 20 වැනි සංශෝධනයෙහි ඇති යම් යම් වගන්ති සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ ජනතාව තමන්ගෙන් මේ පිළිබඳව යන සෑම තැනකදීම ප්‍රශ්න කරනවා යැයි කියාය. මෙහිදී එක් අවස්ථාවක ගෝඨාට තරමක් කේන්ති ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
“මොකක්ද ඕගොල්ලන් මට කරන්න කියෙන්නෙ? පහුගිය කාලෙම ඕගොල්ලන් 19ට ගැහුවා. දැන් 20ටත් ගහනවා. 20න් කරන්නෙ 19 නැති කරන එක විතරයි. ඒ කියන්නෙ 2015න් ඉස්සෙල්ලා තිබ්බ තැනට යන එක විතරයි. මම මෙතැන්ට ඇවිල්ල තියෙන්නෙ වැඩ කරන්න. ජනතාව මට බලය දුන්නෙ වැඩ කරන්න. මම ඒ දුන්නු පොරොන්දු ජනතාවට ඉටුකරන්න ඕනෙ. 19 ගේන්න ඉස්සෙල්ල තිබ්බෙ 18. ඒ අය දන්නවා 18 යටතේ රට අරාජික වුණාද නැද්ද කියලා. අලුත් ව්‍යවස්ථාවක් අරන් එනකන් මේ රට මම ඉදිරියට අරන් යන්න ඕනෙ….” යනුවෙන් ගෝඨා කියද්දී නැවැත වතාවක් විමල්, වාසු, උදය මේ සම්බන්ධයෙන් අදහස් දක්වනු දැකගත හැකි විය.

වට කර පහර දෙයි

ඉන් අනතුරුව සිදුවූයේ කවුරුත් නොසිතූ සිදුවීමකි. කැබිනට් මණ්ඩලයේ සිටි අනෙකුත් සියලුම ඇමැතිවරුන් විමල්, වාසු, උදය යන තිදෙනාම වට කරගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් එහිදී දැකගත හැකි විය. පළමු ප්‍රහාරය ආරම්භ වූයේ චන්ද්‍රසේනගෙන්ය. චන්ද්‍රසේන දිගට හරහට ප්‍රහාර එල්ල කරද්දී අනෙකුත් අමාත්‍යවරුන්ද ඊට සහයෝගය දීම හේතුකොටගෙන විමලුත්, වාසුත්, උදයත් නිහඬ වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේදී ගෝඨා විස්ස හැදුවේ කවුද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේත්, රට ඇතුළේත් ඇති ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට කටයුතු කළේය.
“දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා 20 හැදුවෙ කවුද කියලා. 20 හැදුවෙ මමයි. ඒක නිසා ඒක හැදුවෙ කවුද කිය කියා කාලය නාස්ති කරන්න එපා” යන්න එහිදී ගෝඨා කියා සිටි කාරණය විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ප්‍රභූ හෙලිකොප්ටර් දෙකේ කොන්ත්‍රාත්තුව දුන් බලවතා කව්ද?

Next Post

20 වෙනස් කරන්න සජිත්ගෙන් කමිටුවක්

MORE NEWS

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

Load More
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වරින් වර විවිධ ව්‍යසනයන්ට, ස්වාභාවික ආපදාවන්ට මෙන්ම බෝවන රෝග වසංගතයන්ට මුහුණ දුන් රටකි. ඒ සෑම අවස්ථාවකදීම, රටේ සමස්ත...

Read more
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.