ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි අන්තර්ගතය රටට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිකරනු ලබන අහිතකර තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන වැඩමුළුවක් අද(21) පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා අංක 2 දී පැවැත්විනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩමුළුවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම විද්වතුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
ආණ්ඩුව විසින් ගෙන එන විසිවෙනි ආණආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගනු ලබන ස්ථාවරය මෙන්ම 19+යෝජනාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
20 වන සංශෝධනය පිලිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර ඊට පහත නම් සදහන් නියෝජිතයින් ඇතුලත් ය.
රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා
රාජිත සේනාරත්න මැතිතුමා
සරත් ෆොන්සේකා මැතිතුමා
කබීර් හෂීම් මැතිතුමා
මනෝ ගනේෂන් මැතිතුමා
ඉරාන් වික්‍රමරත්න මැතිතුමා
ඉමිතියාස් බාකීර්මාකර් මැතිතුමා
ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
හර්ෂ ද සිල්වා මැතිතුමා
නීතිඥ සුරේන් ප්‍රනාන්දු මැතිතුමා
නීතිඥ ශිරාල් ලක්තිලක මැතිතුමා