• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුහල්පතිට චැලෙන්ජ් කරපු – රටම කතාකරපු සිරිමාවෝ බය නැති කෙල්ල…! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
විදුහල්පතිට චැලෙන්ජ් කරපු – රටම කතාකරපු සිරිමාවෝ බය නැති කෙල්ල…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වෙනකොට සිරිමාවෝ බාලිකාවේ පසුගිය දිනෙක සිදුවූ සිදුවීම සමාජයේ දැඩි කතාබහට ලක්වෙලා. හැමෝම දන්න කාරණයක් බවට පත්වෙලා. පසුගිය 19 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති වර්ණ ප්‍රදානෝත්සවයේදී එම පාසලේ දැරියක් තමන්ට හිමිවන්නට තිබූ සම්මානයක් අහිමි වීම සම්බන්ධයෙන් තමන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව හඬනැගීමත් සමගයි මේ ආන්දෝලනය හටගත්තේ. එම දැරියට සිදුවූ අසාධාරණයත් සමග තම හදවතට දැනුණු වේදනාව වේදිකාව මත මෙලෙස දිගහැරියා.
‘සුබ සැන්දෑවක් හැමෝටම. දයාබර ආරාධිත අමුත්නි, විදුහල්පතිතුමියනි. මගේ දයාබර ගුරුතුමනි සහ පැමිණ සිටින සෑම මවුපියෙකුගෙන්ම අවසරයි. හැමෝගේම පහසුව සඳහා මම සිංහලෙන් කතා කරන්නම්.Sri Lanka Latest News

මම චනිත්මා සිනෙලි. මම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ මට පුදබිමක් වගෙයි. මම අභිමානවත් සිරිමාවියක් විදියට අද මෙතැන නැගිටලා අසාධාරණයට විරුද්ධව කතාකරන්න මට හයිය දුන්නේ මගේ පාසල. මම ඒක බය නැතුව කියනවා. ඉතින් මම 2011 වසරේ සිට ඒ කියන්නේ එක වසරේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් බොහොම කැපවෙලා මගේ පාසලට ජයග්‍රාහණය ගෙනදෙන්න සෑහෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක මෙතැන ඉන්න parentsලා coachesලා ගොඩාක් අය දන්නවා. ඉතින් අද උදේ වෙනකන් මට තිබිච්ච award එක අද උදේ රිහසල් එකට ආපු නැති නිසා මගෙන් උදුරලා වෙන කෙනෙක්ට දීලා තියෙනවා.deserving award එකක්. ඒක දෙන්න කලින් මම මගේ Performance ගැන ටිකක් කියලා ඉන්නම්. 2022 වසරේ commonwealth Games Birminghame. ඒ කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල. මං හිතන්නේ එතකොට මට වයස අවුරුදු 16යි.

පාසල් දරුවෙක් විදියට මම විතරයි commonwealth Gamesවලට සහභාගි වුණේ. ඒකේ plate Mixed doubles event gold medalist කෙනෙක්. 2023 වර්ෂයේ තිබ්බ Asian games එකේදිත් Hangshou 2022 ඒකෙදිත් Mixed doubles pre quarter finalist කෙනෙක්. ලංකාව වෙනුවෙන් colours ඒ වගේම මේවාගේ achivement ගොඩාක් කරලා තියෙනවා. තව 2022 වර්ෂයේ ඉඳලා sctoch ජාතික ශූරිය. අවුරුදු 17යි මට එතකොට. ළාබාලතම ජාතික ශූරියක් පිට පිටම තුන් වතාවක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරිය (junior championship) ඉතින් මේ චුට්ටක් විතරයි. මම අද මේ රිහසල් එකට එන්න නැති හේතුව වුණේ මට exam එකක් තිබ්බ නිසා. ඒ වාගේම අදාළ ටීචර්ස්ලාට ගුරුවරුන්ට දැනුවත් කරලා තිබ්බා. එතකොට මම මෙහෙම කිව්වාට කමක් නැහැ. ඔබ අතේ ඇති souvenir එකක්. souvenir එකේ බලන්න මගේ performance. ඒක 2022 හා 2023 වසරට අදාළව සඳහන් කරලා ඇති. අනෙක් ක්‍රීඩිකාවන් එක්ක බලන්න මගේ performance මේක 2023/2024 colours award මේක 2016/2017 colours නෙවෙයි performance අදාළ විදියට ඔබම ඒක බලන්න performance කොකෙහාමද තියෙන්නේ කියලා. මගේ performance 2022/2023 සහ 2024 වසරවලට තියෙනවා. ඒ වගේම 2016/2017 වසරවලට තියෙනවා…’

මේ වෙනකොට පාසලේ අචාර්ය මණ්ඩලයෙන් ඇගේ මේ කතාවට බාධා ඇතිවෙනවා. ඒත් ඇය ඇගේ කතාව නොනවත්වාම ඉදිරියට ගෙනයාමට උත්සාහ කළත් ඇය යළිත් ‘මැඩම් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න’ යනුවෙන් පවසා කතා කරගෙන යෑමට කටයුතු කළා.

කෙසේ වෙතත් ඇය කතාකළ මයික් එකේ ස්විචය නිවා දැමීමත් සමග ඇය අමුත්තන් අමතන ස්ථානයෙන් වේදිකාවට බැස හඬනැගුවේ ඇගේ හදවතේ කැකෑරෙන වේදනාව නිසාමයි. ඉන් පසුව විදුහල්පතිතුමිය වන සුමේධා ජයවීර මහත්මිය වේදිකාව අමතමින් සිටිද්දි චනිත්මා දැරිය පැමිණ සිටි ආරාධිත අමුත්තන්ට ආචාර කරමින් වේදිකාවෙන් බැස යන්නට වුණා.

විදුහල්පතිතුමිය පවසා සිටියේ මෙවැන්නකි.
‘මම ඒක පොඩ්ඩක් නිවැරදි කරනවා. අද උදේ නොපැමිණීම නිසා නෙවෙයි award එක ඒ විදියට ගියේ. ඒක කලින් තීරණය වෙච්ච දෙයක්…’ ඇය ශාන්ත පාවුළු බාලිකාව වැනි පාසල්වලද සේවය කළ බව දැනගන්නට ලැබුණු අතර, ඒ පාසල්වලද යම් යම්ගැටලුකාරී සිදුවීම් සිදුව ඇති බවද සමාජ මාධ්‍යයේ අපට දැකගන්නට ලැබුණා.
මේ විදුහල්පතිනියට වේදිකාව ඉදිරියට පැමිණ කියන්න තිබුණා මේ සම්මානය වෙන්කිරීමේ සුදුසුකම පවසන්නට තිබුණා. එහෙම එකක් නෙවෙයි මෙහෙම එකක් වුණේ කියලා. පාසල් දැරියක් කියන්නේ මුහුකුරා ගිය කෙනෙක් නෙවෙයි. නමුත් විදුහල්පතිනියක් කියන්නේ ප්‍රශ්නය නිරාකරණය කරන්න පුළුවන් මනසක් තියන කෙනෙක්. ඇයට මේ දැරියව ආරක්ෂා කරන්න තිබුණා. මේ දැරිය හිතන්නේ තමන්ට විදුහල්පතිනිය විරුද්ධයි කියලා. ඒ හිත හදන්න තිබුණා වැඩිහිටියෙක් වශයෙන්. ඒක නෙවෙයි කළේ .
ඒ අතර මේ සම්මානය ලැබුණු නතාෂා දැරිය පැවැසුවේ,

‘මම ඒකට නිර්දේශ වුණා. මම ගිහින් trophy එක ගත්තා. ඒ තීරණය ගත්තේ මම සම්බන්ධ වෙලා නෙවෙයි මේ තීරණය ගත්තේ. ප්‍රින්සිපල් සහ interview board එක ගත්ත තීරණයක්. ඒකට මාව සම්බන්ධ කරගන්න එපා. 2023 වර්ෂයේ චනිත්මා games captain මම deputy games captain මගේ සුදුසුකම් මම පාසලට භාරදීලා තියෙනවා. මම ගිහිල්ලා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. චනිත්මයි මමයි දෙන්නාම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා. අපි දෙන්නා යාළුවෝ. අපි දෙන්නා අතර තරගයක් නැහැ. එයා scotchවලින් මම swimmingවලින් තරග කරලා තියෙන්නේ. පාසල ලබාදුන්න තීරණයට ගරුකරලා මම ගිහින් trophy ලබාගත්තා. මම උදුරලා ගත්ත දෙයක් නෙවෙයි. මට ඉස්කෝලෙන් ලබාදුන් දෙයක්. අපේ දෙමවුපියෝ පාසලට ඇවිල්ලා මේක ඕනෙ අරක ඕනෙ කියලා ඉල්ලලා නැහැ. එයාලා මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. මම සුදුසු නැහැ කියලා සමාජ මාධ්‍යයේ යනවා. මම කාගෙවත් දෙයක් උදුරලා ගත්තේ නැහැ…’ යනුවෙන් ඇයද ඇයට සමාජයෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු ලබාදී තිබුණා.
ඇත්තෙන්ම සමාජ මාධ්‍යයේ මේ සම්මානය ලැබුණු දැරියට වරදක් පටවනවා නම් එය වැරදියි. මොකද පාසල්වල වැඩිහිටියන්ගේ වැරදිවලට තීරණවලට අහිංසක අහක ඉන්න දරුවන් පළි නැහැ. අනෙක් කාරණය වන්නේ මෙවැනි දක්ෂ දරුවන් දෙදෙනකු පාසලේ සිටිනවා නම් දෙදෙනාටම සාමානාත්මතාවය හිමිවිය යුතුයි. පාසලක විනයක් කියන්නේ එක දෙයක්. ගුරුවරුන්ට ගරු කිරීම කියන්නේ තවත් දෙයක්. දරුවෙක් තමන්ගේ අයිතියක් ඉල්ලා සිටියේ. පුංචි හිත් තළන්නේ නැතුව ලබාදෙන්න තිබුණා යන්න බොහෝ දෙනකුගේ මතයයි. මේ විදුහල්පතිනිය රුපවාහිනී වැඩසටහන්වල පවා දරුවන්ගේ සතුට ගැන කතා කරලා තියෙනවා. ඒත් ඒ කතා වචනවලට පමණක් සීමා කරලා තියෙනවා. ඇය ඒ සාධාරණය ක්‍රියාවට නංවලා නැහැ.

මේ දැරියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමද මැදිවත්ව සිටියි. එම කොමිසමේ හිටපු කොමසාරිස්වරයා පවසා සිටියේ.
‘ළමයින් සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට නීති පද්ධතියක් තියෙනවා. මේ නීති රාජ්‍ය ආයතන සතුව තියෙනවා. ළමා අපයෝජනයකට පත්වුණොත් මානසිකව හෝ ශාරීරිකව මේ පාසල්වල තීරණවල ගැටලු සම්බන්ධව අධිකාරී බලයක් තියනවා. පසුගිය කාලවල ශිෂ්‍ය නායකයන් පත්කරනකොට අගතියට පත් සිදුවීම් පිළිබඳ අපි ක්‍රියා කරනවා. ගුරුවරුන් දරුවන් අගතියට පත්නොවන ලෙස තීරණ ගන්න ඕනේ. ළමයෙක් අගතියට පත්වුණොත් අපි විමර්ශනයක් කර තීරණයක් ගන්න කටයුතු කරනවා. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන්න පුළුවන්. අපි මේ ගැන සොයාබලා තීරණයක් ගැනීමට කටයුතු කරන්න බැඳී සිටිනවා…’

මේ සිදුවීමත් සමග තවත් කාරණයක් දිගහැරුණා. ඒ චනිත්මා සිනෙලි දැරියගේ පියා වන මහේෂ් චන්දන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වසර 17ක් තිස්සේ ස්කොෂ් පුහුණුකරුවා ලෙස කටයුතු කරන බවයි. ඊට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයේද ස්කොෂ් පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි. සමහරෙකු පැවැසුවේ තමන්ගේ පියාගේ හයිය අරගෙන මේ දැරිය කතාකරන බවයි. මේ උත්සවයේම හොඳම පුහුණුකරු ලෙස ඔහුගේ නමද නිර්දේශ වී තිබූ බවත් මේ අතර දැනගන්නට ලැබුණා.

සිරිමාවෝ බාලිකාව කියන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්. සිරිමාවෝ විතරක් නෙවෙයි මේ දැරියගේ කටින් කියවුණේ මුළු රටේම පාසල් දරුවන්ගේ හදවත් තුළ පවතින වේදනාවයි. ඇය පාසලට කීර්තියක් ගෙනදුන්නා මිස වසර 17ක් තිසේසේ අගෞරවයක් ගෙනදුන්නේ නැහැ. ඇය වේදිකාවට නැගලා පැමිණ සිටි හැමෝටම ගෞරව කරලයි කතා කළේ. මේ ප්‍රශ්නය සිරිමාවෝ කියන පාසලට විතරක් පොදු දෙයක් නෙවෙයි. මුළු පාසල් පද්ධතිය තුළ දරුවන් පීඩනයට ලක්වීම, අසාධාරණයට ලක්වීම අදටත් තියෙනවා.
එදා මෙදාතුර පාසල් ඉතිහාසයේ මේ වගේ සිදුවීම් තිබුණත් ඒවා එළියට ආවේ නැහැ. දරුවන් එළියට එන්න බයවුණා. ඇතැම් පාසල් තුළ ගුරුවරුන්ගේ ළමයින්ට එක විදියක්, දේශපාලන සම්බන්ධතා තියෙන ළමයින්ට එක විදියක්, සල්ලි තියෙන දෙමවුපියන්ගේ දරුවන්ට එක විදියක්. මේවාට විසඳුමක් නැති එකයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මෙවැනි සිදුවීම් පාසලෙන් දරුවන් ඉවත්ව ගියත් ඒ අමිහිරි මතක හිත්වල රැඳී තියෙනවා. පාසල් තුළ මෙවැනි අසාධාරණකම් දරුවන් හිතේ දරාගෙන ඉවසන් ඉන්නවා. මේවා වෙනස් වෙන්න ඕනේ. ගුරුවරුන්ගේ ඇරියස් තියෙනවා නම් ඒවා දරුවන් පිටින් යවන්න හොඳ නැහැ. මේ favour කිරීම් දරුවන්ට පමණක් නෙවෙයි. අලුතෙන් පාසලකට යන ගුරුවරුන්ටත් තියෙනවා. ස්ටාෆ් රූම් එකේ වාඩි වෙන්න දෙන්නේ නැහැ. මේ වාගේ ජීවිතේ එක එක බෙදීම් හදාගත්ත මිනිස්සු එක්ක අපි සමානාත්මතාව ගැන කතා කරනවා. මානසික යහපැවැත්ම ගැන කතා කරනවා. සහකම්පනය ගැන කතා කරනවා. මේවායේ ප්‍රතිඵලයක් තියේද?

අද වෙනකොට තරුණ පරම්පරාව මුළුගැන්විච්ච සමාජයෙන් මිදිලා ප්‍රශ්න කරන්නට හුරුවෙලා. මේකේ හොඳ නරක කියන දෙකම තියෙනවා. අපි සම්ප්‍රදායන්ට ගරු කළ යුතුයි. හැබැයි ඉස්සර වගේ දරුවෝ මුළුගැන්විලා බියගුලුකමින් හිටිය සමාජයෙන් දරුවන් මිදිලා ඉදිරියට ඇවිල්ලා. මේ සිදුවීමත් සමග Gen z එකක් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මේ එහෙම දෙයක් නෙවෙයි. අසාධාරණය වෙනුවෙන් දරුවන් ඉදිරියට ඇවිත් ඒ වෙනුවෙන් සටන් කරන්නට හුරුවෙලා ප්‍රශ්න කරනවා ඇයි මෙහෙම වුණේ කියලා. දරුවෝ ප්‍රශ්න කරලා එළියට එනවා දැකලා නැහැ. ඇගේ නිර්භීතකමට හිස නමා ආචාර කරන්න පුළුවන්. ඇය ඉදිරිපත් කරන්නේ තමන්ගේම පාසලේ වේදිකාවේ තමන්ගේ ගුරුදෙගුරුන් ඉස්සරහා. තමන් අවුරුදු ගණනක් අකුරු කළ පාසලෙන් ඇයට මේ අසාධාරණය වුණා කියලා කියන්නේ. ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක්. ඒ වගේම ඇය දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇය මොවුන් ඉදිරියේ කවදාවත් බොරුවක් ඔය තරම් නිර්භීතව කියන්නේ නැහැ. මොකද ඇය මේක කියන්නේ තමන්ගේ පාසලේ ඉහළම නිලය වන පාසලේ විදුහල්පතිනිය ඉදිරියේ. එහෙම කිව්වා නම් ඇයට මේ සම්බන්ධව ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඇය ප්‍රශ්න කරන්නේ තමන්ගේ අයිතිය ගැන.
විදුහල්පතිනිය මේ සම්බන්ධව සමාජයට තවමත් නිසි කරුණු කාරණා ඉදිරිපත් කරලා නැහැ. සිරිමාවෝ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයෙන් මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරමින් විදුහල්පතිතුමියගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි පරීක්ෂණයක් මේ සඳහා පවත්වන ලෙසයි.

අපිට මේ සම්මානය ලැබුණු දැරියට අසාධාරණයක් කරන්න වුවමනා නැහැ. ඒත් මේ දැරියන් දෙදෙනාම සිරිමාවෝ විද්‍යාලයට වගේම රටට කීර්තියක් ගෙනදුන් දැරියන් දෙදෙනෙක්. විදුහල්පතිතුමිය මේ සම්බන්ධව ක්‍රියාකළ ආකාරය කනගාටුවට කරුණක් කියන්නට තමයි අපට තියෙන්නේ. චනිත්මා දැරිය ප්‍රසිද්ධියේ කියනවා තමන්ට විභාගයක් තියෙන බව අදාළ ගුරුවරුන් දැනුවත් කළ බව. මේවාට විදුහල්පතිනියට පිළිතුරු දෙන්න තිබුණා.

සත්‍ය අසත්‍යතාව පිළිබඳ පාසල් මට්ටමින් පමණක් නොවෙයි සමස්ත පාසල් පද්ධතිය තුළම මෙවැනි දෑ සිදුවෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳ විමර්ශන පැවැත්විය යුතුයි කියලයි හැමෝගෙම මතය වෙන්නේ.

ජීවිතයේ ඇරියස් නැති මනුෂ්‍යත්වය පිරිපුන් මිනිස්සු මේ සමාජයේ ඉන්න දවසට මේවාට විසඳුම් ලැබෙයි. අදින් පසුව එළඹෙන හෙට දිනයේදී අපේ රටේ දරුවන් අසාධාරණය වෙනුවෙන් හඬ නගාවි. දරුවන්ගේ හදවත්වල තිබූ පීඩනය නැතිකර ගනීවි යැයි අපි හිතමු.

‘වැඩ සිදුවෙද්දි අහිංසක සිතක් පෙළා
දුක වේදනා නැගුනිය මහමෙරක් වෙලා
ඇගේ හඬ නැගෙද්දී ලොවක් බලා
තව උපදිනු මැනව මේ ලොව චනිත්මලා’

මල්කා කුලරත්න

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කබ්රාල් මිලියන 1800ක් ගෙවන්න ඕනෙද? නැද්ද? මහාධිකරණ විනිසුරුතුමයි කබ්රාල්ගේ නීතිඥවරයායි ජනාධිපති නීතිඥ විජයදාසයි කියපු කතා 3 මෙන්න! Sri Lanka Latest News

Next Post

මේක ත්‍රීවීල්කාරයන්ට ගිය රට! ඇල්ලේ සෙල්ලම වැලිගමත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.