පෙබරවාරි 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය මුල්කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස පොලිසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මේවනවිටත් එවැනි සිද්ධින් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
එම නිසා එවැනි වංචනික පුද්ගලයින්ගේ වින්දිතයින් බවට පත්නොවන ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.










