• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ අලුත්ම කොමිසමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රී විජේදාසගෙන් බරපතළ ප්‍රහාරයක්

February 10, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනාධිපතිගේ අලුත්ම කොමිසමට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රී විජේදාසගෙන් බරපතළ ප්‍රහාරයක්
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීම සඳහා බව කියමින් පිහිටුවන ලද කොමිෂන් සභා ප්‍රාජාතන්ත්‍රවාදයේ මළගම බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ලිපියක් සම්පාදනය කරමින් විවේචනාත්මක කරුණු දක්වා තිබේ.

“දේශපාලන පළිගැනීම් හෝ වෙනත් කුමන ආකාරයක හෝ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළ යුතු නීති පද්ධතියක් පැවතිය දී ප්‍රජා අයිතිය අහිමි කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම ද පළිගැනීම, ද්වේශය, වයිරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පෙරදැරි කරගත් ක්‍රියාදාමයක් බව අමතක නොකළ යුතු ය.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර ඇත. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් රට තුළ දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙන අතර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම මතය පල කර තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“කොමිෂන් සභා වැට පැන්නොත්…

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ සියලු සාක්ෂි විමසීම අවසන්ව එහි වාර්තාව ඉකුත් 01 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට යෙදුණි. මේ වන විට රටේ එක් ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි නීතිමය පියවර කෙසේ වනු ඇත්ද යන්නය.

මේ අතර මෑතක දී උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ දේශපාලන පළිගැනීම්වලට අදාළ කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශ අතර මේ වන විටත් අධිකරණයේ පැවතුණ නඩු හතළිස් ගණනක් ඉල්ලා අස්කර ගැනීමට සහ යම් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට නිර්දේශ ලබා දී ඇතයි මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

කොමිසම් සභා පනත

විමර්ශන කොමිෂන් සභාවකට එවැනි නිර්දේශ ලබා දීමේ බලයක් 1948 අංක 17 දරන කොමිසම් සභා පනත මගින් ලබා දී තිබේද?

අප රටට 1948 දී ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලබා දීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායකය විසින් 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පත් කිරීමේ පනත සම්මත කරන්නට යෙදුණි. එය 1948 සැප්තැම්බර් මස 08 වන දින සිට ක්‍රියාවට නැංවිණි. ඒ අනුව ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක හෝ පළාත් පාලන ආයතනයක හෝ; රජයේ සේවයේ නියුතු යම් නිලධාරියකුගේ හෝ; මහජන යහපත හෝ ආරක්ෂාව හෝ සුබසිද්ධිය යනාදී යම් කාරණයක් සම්බන්ධ ව තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවක් වේ යැයි ජනාධිපතිට හැඟී යන්නේ නම් ඔහුට එවැනි කොමිසමක් පත් කළ හැක.

මෙසේ පත් කරනු ලබන කොමිසමක් වෙත පැවරී ඇති බලය වන්නේ ඉහත සඳහන් ආයතන හෝ නිලධාරීන් සම්බන්ධ ව සාක්ෂි මගින් අනාවරණය කරගත් කරුණු සඳහන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාර දීම ය.

එම පනත 2008 අංක 16 දරන පනත මගින් සංශෝධනය වුව ද කොමිසමේ බලය පිළිබඳ ව කිසිදු හරයාත්මක වෙනසක් සිදු නොවුණි. එකී සංශෝධනය මගින් එවැනි කොමිසමකට අලුතින් එකතු කළ බලය වන්නේ රාජ්‍ය නිලධාරියකුගේ ක්‍රියාකාරකම් සම්බන්ධව ද විනය බලධාරීන්ට යම් නිර්දේශයක් කිරීම ය. තව ද නීතිපතිවරයාගේ සහාය ඒ සඳහා ලබා ගැනීමේ අවස්ථාව ද සංශෝධනය මගින් ලබා දී ඇත. ඒ හැර විමර්ශනයට භාජනය වූ තැනැත්තකු සම්බන්ධයෙන් දඬුවම් දෙන ලෙසට හෝ දඬුවම් නියම කිරීමට එවැනි කොමිසමකට බලයක් නැත.

එකී විමර්ශන කොමිසම් සභා නීතිය පැවැතිය දී ම 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කළේය. එම පනත යටතේ ද පත් කරනු ලබන කොමිසමක් සම්බන්ධ ව පවතිනුයේ පෙර පැවති නීතිය යටතේ ඇති බලතල ය. ඊට අමතර ලෙස අධිකරණ ක්‍රියාදාමය හා යුක්තිය පසිඳලීම යන ක්‍රියාවලිය ද ඊට අලුතින් ඇතුළත් කර ඇත. මෙය හුදෙක් ම දේශපාලන පළිගැනීමක් සඳහා නිර්මාණය කළ නීතියකි. එවැනි කොමිසමකට ලබා දී ඇති අමතර බලයක් වන්නේ පනතේ 9 වන වගන්තිය අනුව යම් නිලධාරියකු පනත යටතේ ගැනෙන වරදක් සිදුකර ඇත්නම් ඔහුට ප්‍රජා අශක්නුතාවක් නියම කරන ලෙසට නිර්දේශ කිරීමයි. එවැනි නිර්දේශයක් ඇති විටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 ව්‍යවස්ථාව යටතේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළු ව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 කට නොඅඩු මන්ත්‍රී සංඛ්‍යාවක් එම නිර්දේශයට පක්ෂ ව ඡන්දය ලබා දුනහොත් එම තැනැත්තාට අවුරුදු 7 ක් නොඉක්මවන ප්‍රජා අශක්නුතාවක් නියම කළ හැකි ය. එම තැනැත්තා මන්ත්‍රීවරයෙක් නම් ඉන් ඉවත් කිරීමට ද හැකි වනු ඇත. අවුරුදු 42 කට පෙර සම්මත කළ එම පනත මගින් ප්‍රජා අශක්නුතාවන්ට ලක් කිරීම සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපීම සිදු වූයේ එක් අවස්ථාවක පමණි. එනම් 1981 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මන්ත්‍රී ධුරය අහෝසි කොට වසර 7 ක ප්‍රජා අශක්නුතාවකට ලක් කිරීමයි.

ඊට බලපෑ එකම හේතුව 1982 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට සිරිමාවෝ මැතිනිය ඔහුගේ තරගකාරිය බවට පත් වුවහොත් ඔහුට මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ශක්තියක් නැති බව දැනගෙන සිටීමයි. ඊට අමතර ව හිටපු අධිකරණ අමාත්‍යවරයෙක් වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ජයවික්‍රම හා කොළඹ පුරපති ඒ.එච්.එම්. ෆවුසි යන අය ද වසර 7 ක ප්‍රජා අශක්නුතාවකට යටත් කළේය.

කොමිෂන් සභාවක වපසරිය

ජනරජයට එරෙහි අපරාධ නඩු ගොනු කරනු ලබන්නේ සහ මෙහෙයවනු ලබන්නේ නීතිපතිවරයා විසින් පමණි. නීතිපතිවරයාගේ බල අධිකාරියට උඩින් නියෝග දීමට කොමිසමකට බලය නැත. එවැනි කොමිෂන් සභාවක් විසින් නිර්දේශ හා නියෝග ලබා දීම බරපතළ තත්ත්වයකි. එනයින් ම රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමක් සිදු ව ඇත. රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධ ව ජනතා විශ්වාසය පූර්ණ වශයෙන් බිඳ වැටීමට ද මෙය හේතු විය හැකි ය.

යම් බලධාරියෙක් හෝ නිලධාරියෙක් පළිගැනීමේ චේතනාවෙන් යම් තැනැත්තකුට එරෙහි ව නඩු පැවරීමට කටයුතු කර ඇත්නම් පරීක්ෂණ කොමිසමකට ඇති එක ම බලය වන්නේ කොමිසම විසින් සොයා ගන්නා ලද තොරතුරු සලකා බැලීමට ජනාධිපතිවරයාට යොමු කිරීම පමණි. එයට හේතුව කොමිසමේ බලය තොරතුරු සොයා ගැනීමට පමණක් (facts finding mission) සීමා වන නිසා ය. යම් බලධාරියෙක් සිය බලය අබිබවා යමින් යම් තැනැත්තන් වින්දිතයන් බවට පත්කර ඇති විටක ඔවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලය ඇත. එමෙන් ම ජනාධිපති කොමිෂන් සභාවක සාමාජිකයන් සිය බල අධිකාරියෙන් ඔබ්බට ගොස් නීති විරෝධී නිර්දේශ ලබා දීම හේතුවෙන් අගතියට පත් වන පාර්ශ්වයකට එම කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතිය අයුතු ලෙස භාවිත කළ චෝදනාව එල්ල කොට විශේෂ ජනාධිපති පරීක්ෂණ සභා පනතේ 2 (1) (ආ) යන වගන්තිය යටතේ ඔවුන්ට එරෙහිව ද ප්‍රජා අශක්නුතාවකට යටත් කිරීම සඳහා නීතිමය පියවර ගැනීමට අනාගතයේ බාධාවක් නොමැත. එමගින් අවලාද දේශපාලනය තුළ පළිගැනීමේ ක්‍රියාදාමය තව තවත් දිග්ගැස්සෙනවා විනා එහි නිමාවක් දැකිය නොහැකි ය.

මෙම ක්‍රියාදාමය තුළ ඉන් ඔබ්බට ගිය බරපතළ කාරණය වන්නේ වත්මන් ජනාධිපති උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මත විශ්වාසය තබමින් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත් කිරීමයි. එය 1978 විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනතේ 2 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. එම වගන්තියේ සඳහන් විධායක ජනාධිපතිගේ බලය ක්‍රියාත්මක කිරීම ඔහුගේ මතය අනුව සිදුකළ යුතු ය. විමර්ශන කොමිෂන් සභාවක සාමාජිකයන්ගේ නිර්දේශය මත කළ යුත්තක් නොවේ. ජනාධිපතිගේ බලය කිසිදු පාර්ශ්වයකට පවරා දීමට කිසිදු බලයක් නැත. ජනාධිපතිවරයාට ස්වාධීනව හා අපක්ෂපාතීව පමණක් එවැනි තීරණයකට එළැඹිය හැකි ය. එම කොමිසමේ හෙළිදරව් වී ඇති කරුණු අනුව යම් නඩුවක පාර්ශ්වකරුවකු අගතියට පත්ව ඇති බවට සඳහන් කිරීම අධිකරණයේ සැලකිල්ලට භාජනය කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් මිස දැනට පවතින නඩුවක තීන්දුව ලබා දීමට එම අධිකරණයේ විනිසුරුවරයාට පැවරී ඇති බලය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකට උදුරාගත නොහැක. එවැනි කොමිසමක සාමාජිකයන්ට සිය විෂය පථය ඉක්මවා යමින් දෙන නිර්දේශ බලාතික්‍රම රීතිය (ultra vires) අනුව බල ශූන්‍ය ය.

උඩතලවින්න දස පුද්ගල මිනීමැරුම් නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වෙද්දී එම නඩුව පැවරීමේ දී එවකට පැවති ආණ්ඩුව පළිගැනීම් චේතනාවෙන් මැදිහත් වී තිබිණි. එම කරුණු නඩු විභාගයේ දී සාක්ෂිවලින් ඉදිරිපත් කළ අතර මහාධිකරණය එම කරුණු සැලකිල්ලට භාජනය කළේය. එවනි කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනී‍‍මේ බලය ඇත්තේ නඩුව විමසන අධිකරණයට මිස කොමිෂන් සභාවලට නොවේ.

1999 ශ්‍රී ලංකා නීති වාර්තාවේ I වෙළුමේ 1 වන පිටුවේ වාර්තාගත වී ඇති සිරිසේන කුරේ එදිරිව තිස්ස ඩයස් බණ්ඩාරනායක නඩු තීන්දුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව ක්‍රියා කළ යුත්තේ නීතියේ ආධිපත්‍යය මත පිහිටා පමණක් බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට මැදිහත් වීම බරපතළ සාපරාධී ක්‍රියාවක් බවත් ය. ප්‍රේමචන්ද්‍ර එදිරිව මේජර් මොන්ටේගු ජයවික්‍රම නඩුවේ දී ජී.පී.එස් ද සිල්වා අගවිනිසුරුතුමා ද ඒ හා සමාන නඩු තීන්දුවක් ලබා දී ඇත.

ඉහත සඳහන් සිරිසේන කුරේ නඩුවේ දී ඔහු ලලිත් ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධ ව වගකිව යුතු බවට ඉදිරිපත් වූ නිර්දේශ දේශපාලනික වශයෙන් ඔහුව පළිගැනීමට ලක්කිරීම සඳහා කරන ලද්දක් බවට කරුණු තිබුණේය යන පදනම මත තිස්ස ඩයස් බණ්ඩාරනායක විනිසුරුතුමාගේ (එවකටත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයෙකු වශයෙන් සේවයේ යෙදී සිටි) සභාපතිත්වයෙන් යුතු කොමිසමේ නිර්දේශයන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළේ ය. එය මෙම කරුණට ද අදාළ නීතිමය තත්ත්වය වනු ඇත.

බරපතළ කරුණ නම්…

මීට අදාළ දේශපාලනමය කරුණු ඊට වඩා භයානක වන්නේ එය නැවත වතාවක් මෙම ලක් දෙරණ ලෙයින් තෙත් කිරීමට ගනු ලබන ආරම්භයක් වීමට හැකි බැවිනි. එදා දුර්වල වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ මුරබල්ලන් බවට පත් වීමට තිබූ ඉඩකඩ ජේ.ආර්. අහුරා දැම්මේ ය. එහි ප්‍රතිඵලය වූයේ එක්රොක් වන්නට තැනක් නොමැති වූ විට, ජේ.ආර්.ගේ ඒකාධිපති පාලනයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදයේ දොර වැහී ගිය කල මෙරට තරුණ තරුණියන් නැවත වතාවක් ආණ්ඩු විරෝධී කැරැල්ලක් නිර්මාණය කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ නැවත වතාවක් ආයුධ සන්නද්ධ බළකායක් බවට පත් වන්නේ එදා ජේ.ආර්.ගේ ආඥාදායක පාලන තත්ත්වය නිසා ය. ජීවිත 60,000 ක් බිලිගත් රටේ ආර්ථිකය වසර 30-40 කට ආපසු ඇද දැමූ භීෂණයක් නිර්මාණය විය. වර්තමාන නායකයන් ද එවැනි භීෂණ සමයක් බිහි කිරීමට උත්සාහ දරන්නේ නම් එය ඉතා බරපතළ කාරණයකි.

දේශපාලන පළිගැනීම් හෝ වෙනත් කුමන ආකාරයක හෝ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි සහ ක්‍රියාත්මක කළ යුතු නීති පද්ධතියක් පැවතිය දී ප්‍රජා අයිතිය අහිමි කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම ද පළිගැනීම, ද්වේශය, වයිරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පෙරදැරි කරගත් ක්‍රියාදාමයක් බව අමතක නොකළ යුතු ය.”

SendShareShare
Previous Post

වැලන්ටයින් දවසේ ඉන්ටර්නෙට් ගේමක්

Next Post

මුලතිව් මහකැලෙන් සිංහල උරුමය මතුවෙයි

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

විශාල පොලී මුදල් ලබා දෙන බව කියන වැවිලි වගාවන් සහ පුද්ගලයන් 18ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහබැංකු අධිපති...

Read more
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.