කොරෝනා වසංගතය හේතුකොට ගෙන බිදවැටුණු ව්‍යාපාර ක්ෂේත්‍ර යළි ගොඩ නැගීම සදහා ආණ්ඩුව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් (AIIB) ඩොලර් මිලියන 180ක (රුපියල් බිලියන 34ක්) ණය මුදලක් ඉල්ලා ඇත.
අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව නිකුත් කර තිබේ.
සංචාරක, ඉදිකිරීම්, ඇගලුම්, වෙළෙද, සෞඛ්‍ය සහ කෘෂි අපනයන යන ක්ෂේත්‍ර වෙනුවෙන් මෙම ණය මුදල් වැය කිරීමට නියමිතය.










