යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත.
මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවේ සංචාරය තහනම් කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිවේදනය කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි.










