ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය යළිත් වතාවක් අමෙරිකානු අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට කටයුතු කර ඇත.
ඒ, සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට පෙර පැවරූ නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘මුක්තිය’ හිමි බව පිළිගනිමින් ඔහුව නිදහස් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙනි.
ඒ අනුව මෙවර අහිම්සා සහ ඇගේ නීති කණ්ඩායම කැලිෆෝනියාවේ නවවන චක්‍රීය අභියාචනාධිකරණය වෙත ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇත.










