පාන් පිටි මිල රුපියල් 8.50කින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ.
ප්‍රීමා සමාගම අවධාරණය කර සිටින්නේ තම සමාගම කිසිදු අවස්ථාවක පාන් පිටි මිල වැඩි කිරීමට කටයුතු කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් තව සුලු මොහොතකින් ප්‍රීමා සමාගම නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










