කොරෝනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනකු මිය ගොස් තවත් රැඳවියන් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.
මේ වන විට ගින්නක්ද හට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න සහ තත්ත්වය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.










