ඇමරිකානු ඩොලර් මිලියන 500ක (රුපියල් කෝටි 9500ක) ණය මුදලක් දකුණු කොරියාවෙන් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී ඇත.
ADVERTISEMENT
2020 සහ 2022 කාල සීමාව ඇතුළත හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය.
කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර කාර්ය රාමු එකඟතාවකට 2017 වර්ෂයේදී අත්සන් තබා ඇති අතර 2019 වර්ෂයේදී එම එකඟතාව අවසන් වී ඇත.
එම එකඟතාව යාවත්කාලීන කරමින් හඳුනාගත් නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය මුදල ලබාදීමට කොරියානු ජනරජය එකඟතාව පළකර ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.