මෙම වසරේදී ශ්රී ලංකාවේ ආර්ථිකය 3.3%කින් වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කොට තිබේ.
මෙම සතියේ ලෝක බැංකුව විසින් ගෝලීය ආර්ථික පුරෝකථන වාර්තාව නිකුත් කරමින් මෙම අනාවරණය සිදු කොට ඇත.
කෙසේවෙතත් 2022 වසරේදී මෙම වර්ධනය 2%ක අගයක් ගනු ඇති බවද එහි සදහන්ව තිබේ.
මීට අමතරව කොරෝනා එන්නත ලබා දීමෙන් පසු ලෝක ආර්ථිකයද 4%කින් වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කොට ඇත.