අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් හට ඇප නියම කර තිබේ.
අද සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන්ව මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදෙස්ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කෙරිණි.