එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ අද තරගය අත්හැර දැමීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිව තිබේ.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණීමට එංගලන්තයට අවස්ථාව ලැබී තිබේ.
එසේම එම කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව 4 වන ස්ථානයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකාව 5 වන ස්ථානය දක්වා පහළට වැටී තිබේ.
සුපිරි 12 දෙනාගේ වටයේ නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවන අතර හෙට පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත.










