ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට කොරෝනා වයිරසය වැළදී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (10) නිවේදනය කළේය.
‘ගල්ෆ් නිව්ස්’ පුවත් සේවය අද වාර්තා කළේ අද දින කොරෝනා වයිරසය වැළදුණු රෝගීන් 15 දෙනකු හමුවූ බවත්, ඉන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය.
මේ වනවිට ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද එම පුවත් සේවය වාර්තා කර ඇත.
මීට පෙර ඉතාලියේ වාසය කළ ශ්‍රී ලාංකික කාන්තාවකටද කොරෝනා වයිරසය වැළදීී තිබිණ.










