කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයකු පළමු වතාවට මෙරටින් හමු වී ඇති අතර ඔහු සංචාරක මගපෙන්වන්නකු ලෙස රැකියාව කළ අයකු බව පැවසේ.
ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේය.
දැනට දින 2කට පෙර මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් නිසා රෝහලට ඇතුළත් කළ බවද කරන ලද පරීක්ෂණ අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙලි වූ බවද ඔහු සඳහන් කළේය.
ඉතාලි ජාතිකයන් පිරිසක් සමඟ මෙම සංචාරකයා සිට ඇති බවටද තොරතුරු හෙළිව ඇත.










