මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලකී ජයවර්ධන මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව තරග වැදීමට එකගතාව පළ කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්‌නේ ලක්ෂ්මන් කිරිඇැල්ල මහතා ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමත් සමග මහනුවර දිස්ත්‍රික් නායකත්වය ලකී ජයවර්ධන මහතාට ලබා දීමට වික්‍රමසිංහ මහතා යෝජනා කොට තිබියදීත් ඒ මහතා එය ප්‍රතික්ෂේප කොට ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමය.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්ෂ්මන් කිරිඇල්ල සහ මයන්ත දිසානායක යන මහත්වරුන් මීට පෙර ප්‍රේමදාස පාර්ශ්වය සමග එක්වීමට පියවර ගෙන තිබිණ.








